ලංකාව ගැන විශේෂ වාර්තා දෙකක් : සැප්තැම්බර් මාසයේ මානව හිමිකම් කවුන්සිලයට !

ලංකාව ගැන විශේෂ වාර්තා දෙකක් : සැප්තැම්බර් මාසයේ මානව හිමිකම් කවුන්සිලයට !

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ ක‍්‍රියාකාරි කමිටු දෙකක් විසින් සැකසූ විශේෂ වාර්තා දෙකක්  සැප්තැම්බර් මස 10 වැනිදා සිට 28 වැනිදා තෙක් ජිනීවා හිදී  පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ 39 වැනි මහ සභා සැසිවාරයේදී  සභාගත වනු ඇතැයි වාර්තා වෙයි.

තානාපති ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට බලහත්කාරයෙන් රඳවා ගැනීම් පිළිබඳ සොයා බැලීමේ ක‍්‍රියාකාරී  කමිටුව හා සත්‍ය , සාධාරණත්වය ,  වන්දි ගෙවීම් සහ නැවත සිදුවීම් වළක්වා ගැනීම පිළිබඳ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි. ග‍්‍රීෆ් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්  සැකසු වාර්තා දෙකක් මෙලෙස මානව හිමිකම් කවුන්සිලය හමුවේ සභාගත වීමට නියමිතව ඇත.

බලහත්කාරයෙන් රඳවා ගැනීම් පිළිබඳ සොයා බැලීමේ ක‍්‍රියාකාරී  කමිටුවේ නියෝජිත පිරිසක් ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර එහිදී මෙරට පැවති මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් ලබා ගත් තොරතුරු අනුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් සකසා ඇත.

එම වසරේ ඔක්තෝබර් මාසයේදී සත්‍ය ,සාධාරණත්වය , වන්දි ගෙවීම් සහ නැවත සිදුවීම් වළක්වා ගැනීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඞී. ග‍්‍රීෆ් විසින් මෙරට සිදු කළ සංචාරයකින් පසුව සිය විශේෂ වාර්තාව සකසා ඇතැයිද තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.  මෙම එක්සත් ජාතීන් විශේෂ කමිටු දෙකක විසින් සැකසූ විශේෂ වාර්තා මානව හිමිකම් කවුන්සිල සැසියේදී සභාගත කිරීමෙන් පසුව එහි සාමාජික රටවල් ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් පූර්ණ සමාලෝචනයක් සිදු කිරීමට නියමිතය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න