දේශප්‍රේමීත්වයේ කපිතාන්වරුන්ගේ  එදා කෙරුවාව සජිත් කියයි 

දේශප්‍රේමීත්වයේ කපිතාන්වරුන්ගේ  එදා කෙරුවාව සජිත් කියයි 

දේශප්‍රේමීත්වයේ කපිතාන්වරු එදා බලයේ සිටින විට දේශභිමානයේ නාමයෙන් තම නිල නිවාස වල වැසිකිලි පවා වායු සමනය කළ බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස  පැවසීය.

ඒ අයුරින් කටයුතු කළ ඔවුන් රටේ අසරණ ජනතාවට ඉඩම් හා නිවාස ලබා දීමට කටයුතු නොකළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

සෑම රජයකම වගකීම වන්නේ රටේ ප්‍රමුඛතාව විය යුතු කරුණු හඳුනාගෙන සංවර්ධන ව්‍යාපෘති හරහා මිනිසාගේ මූලික ගැටලු වලට විසඳුම් ලබා දීම බව කී අමාත්‍යවරයා ජනතාව විසින් රටට අවශ්‍ය පාලකයින් පත් කර ගනු ලබන්නේද ඒ අවශ්‍යතාවන් ඉටු කර ගැනීම උදෙසා බවද මෙහිදි පැවැසීය.

දේශප්‍රේමීත්වය, දේශආලය, රණවිරු ආරක්ෂාව පිළිබඳ අද යටිකිරියෙන් කෑ ගසන විරුද්ධවාදීන්ට එදා සිවිල් ආරක්ෂක නිලධාරීන්ගේ සේවය ස්ථිර කිරීමට නොහැකි වූ බවත්, සිවිල් ආරක්ෂක නිලධාරීන් 40,000 කගේ සේවය ස්ථිර කර විශ්‍රාම වැටුප් වරම ඔවුන්ට ලබා දුන්නේ යහපාලන රජය බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, උරුලෑව ඉදිවූ “සෝමාදේවිගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද (26) දින සහභාගී වෙමිණි. “සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කළ 111 වන ආදර්ශ ගම්මානය මෙයයි.

නිවාස 22 කින් සමන්විත මෙම ගම්මානය අංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 225  කි. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙය සමන්විත වේ.

“සෝමාදේවිගම” ජනතා අයිතියට පත්කිරීමට සමගාමීව නිවාසලාභීන් 22 දෙනාට නිවාස හිමිකම් පත්‍ර හා රුපියල් ලක්ෂ 66 ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 22 ක හිමිකම ලබාදීම, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 100 කට රුපියල් ලක්ෂ 126 ක් වටිනා ‘‘විසිරි නිවාස ණය’’, ප්‍රතිලාභීන් 50 කට රුපියල් ලක්ෂ 100 ක් වටිනා ‘‘සොඳුරු පියස නිවාස ණය’’, වකුගඩු රෝගීන් 50 දෙනෙකුට රුපියල් ලක්ෂ 127 ක් වටිනා නිවාස අධාර ප්‍රදානය, ‘‘ශිල්ප සවිය’’ වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් 28 දෙනෙකුට රුපියල් ලක්ෂ 14 ක් වටිනා වෘත්තීය උපකරණ කට්ටල, නිල ඇඳුම්, විෂයානුබද්ධ පොත් කට්ටල, ප්‍රතිලාභීන් 10 දෙනෙකුට රුපියල් ලක්ෂ 23 ක් වටිනා ස්වයං රැකියා ණය ප්‍රදානය සහ දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 185 දෙනෙකුට ඇස් කණ්නාඩි ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණි.

මෙම අවස්ථාවට සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය පී. හැරිසන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දිම ගමගේ, ඉෂාක් රාහුමාන් යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න