රුපියල් 158කින් ගෑස් සිලින්ඩරයක මිල ඉහළ ගොස් ඇති බවට පළ වන මුද්‍රිත සහ වෙබ් මාධ්‍ය වාර්තා අසත්‍ය බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය පවසයි.
අමාත්‍යංශ ලේකම් රංජිත් අශෝක සඳහන්කර සිටින්නේ ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදු කර නොමැති බවය.
මිල ඉහළ දැමීම සඳහා ගෑස් සමාගම්වලින් මේ වන විටත් ඉල්ලීම් ඉදිරිපත්ව ඇති නමුත් ඒ අනුව මිල සංශෝධනයක් සිදු කිරීමට අවශ්‍ය වන්නේ ද යන්න සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය යටතේ අධ්‍යයනයක් ආරම්භ කර ඇතැයි ද ලේකම්වරයා වැඩිදුරටත් සඳහන්කර සිටියි.

