අස්ගිරි පාර්ශවයේ අනුනානයක, පූජ්‍ය වෙඬරුවේ උපාලි අනුනායක හිමි විසින් රචිත ‘ගල් පිළිමය’ ග්‍රන්ථය එළිදැක්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අස්ගිරි - ගෙඩිගේ රජමහා විහාරස්ථානයේදී අද (26) සිදුකෙරුණි.
එමෙන්ම අස්ගිරි ගෙඩිගේ මහා විහාරයේ නව ශ්‍රවණාගාරය විවෘත කිරීමේ කටයුත්ත ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකර ඇත.
ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ පසුගියදා පැවති උපන්දින සැමරුම අවස්ථාවේ "රටට හිට්ලර් පන්නයේ පාලකයකු අවශ්‍ය බව සඳහන් කර ගෝඨාභය රාජපක්ෂට එවැනි පාලකයකු වන ලෙස අනුශාසනා කර සිටියේද මෙම වෙඬරුවේ උපාලි හිමියන්ය.

