ප්‍රීමා නිසා පාරිභෝගික අධිකාරියට නඩුවක් ?

ප්‍රීමා නිසා පාරිභෝගික අධිකාරියට නඩුවක් ?

2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරීපනතේ 20(5) වගන්ති යට‌ෙත්  පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් තිරිගු පිටි(බහාලුම්)සදහා රුපියල් 87 ක පාලන මිලක් නියම කොට තිබියදී ප්‍රීමා සමාගම තිරිඟු පිටි කිලෝවක් රුපියල් 5.00 කින් වැඩිකිරීම සම්බන්ධව විරෝධය දක්වමින්  පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය විසින්  පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා දැනුවත් කොට ඇත.

පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය මේ බව සැළකර ඇති අතර 2015 පෙබරවාරි 20 වන දින සාදන ලද  අති විශේෂ ගැසට් පත්‍ර අංක  1902/55 යටතේ ප්‍රසිද්ධ කරන ලද නියෝග අංක 31 ට අනුව  ප්‍රීමා සමාගම අකටයුත්තක් සිදුකර ඇති බවද පෙන්වාදී තිබේ.

එසේම  අධිකාරියේ අනුමැතියකින් තොරව 2018 සැප්තැම්බර් පළමු දින සිට තිරිගු පිටි කිලෝ එකක මිල රුපියල් 5 කින් වැඩි කිරීමට ප්‍රීමා ලංකා සමාගම කටයුතු කොට ඇති බවත්  වතු කරයේ ජීවත්වන ජනතාවට හා දිවයින පුරා ජීවත්වන ජනතාවට ජීවත්වීම සදහා සහනයක් ලෙස 2015 වසරේදී තිරිගු පිටි සදහා වන මෙම පාලන මිල රජය විසින් නියම කරන පසුබිමක මේ සිදුකර ඇති බවත් එහිදී අවධාරණය කර ඇත.

තවද රජයේ එම අභිලාෂය තවදුරටත්  සාක්ෂාත් කිරීම ඔබ අධිකාරිය වෙත නීතියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව අති විශේෂ ගැසට් පත්‍ර අංක  1902/55 ට අනුව අංක 31 වන නියෝගය කඩ කරමින් තිරිගු පිටි(බහාලුම්) වැඩි මිලට විකිණීම සිදුකරනු ලබන වෙළෙන්දන් වෙත නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ඇති පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය  එසේ නීතිය ක්‍රියාත්මක කිරීමට අධිකාරිය  අපොහොසත් වුවහොත් අධිකාරියට  එරෙහිව නීති මගින් කටයුතු කිරීමට තම සංවිධානය කටයුතු තරන බවද  දන්වා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න