වැටුප් කොමිසම අද සිට වැඩ  

වැටුප් කොමිසම අද සිට වැඩ  

රාජ්‍ය සේවය තුළ පවතින වැටුප් හා සම්බන්ධ ගැටළු නිවැරැදි කිරීම වෙනුවෙන් පත්කරන ලද විශේෂ කොමිසම සිය රාජකාරී කටයුතු අද(03)  සිට ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වෙයි.

කොළඹ මළලසේකර මාවතේ පිහිටි ශ්‍රී ලංකා පරිපාලන ආයතන ගොඩනැගිල්ලේ සිය රාජකාරී කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර  මේ මස අවසානයේ දී එම කොමිසම විසින් මූලික වාර්තාවක් ජනාධිපතිවරයා වෙත බාරදීමට නියමිත බවද වාර්තා වෙයි.

සමාජිකයින් 15 දෙනෙකුගෙන් යුත් කොමිසමේ සභාපතිවරයා ලෙස එස්. රනුග්ගේ  කටයුතු කරන අතර ලේකම් ධූරය සදහා එච්.ජී. සුමනසිංහ  පත් කර තිබේ.

අගෝස්තු 20 වනදා සිට මාස 02ක කාලයක් සඳහා මෙම කොමිසම පත් කර ඇති අතර එම කාලය තුළ රාජ්‍ය සේවයේ වැටුප් ගැටළුව විසදීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න