බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්  ධුරය අලුත් වෙයි !

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්  ධුරය අලුත් වෙයි !

පුරප්පාඩුව පවතින බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තනතුර සඳහා මනීෂා ගුණසේකර මහත්මිය පත් කර ඇති බව වාර්තා වෙයි.

මනීෂා ගුණසේකර මහත්මිය දැනට දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති ධුරය හොබවන   අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ උපදෙස් අනුව වෘතීමය රාජතාන්ත්‍රික නිලධාරියෙකු ලන්ඩනයට පත්කළ යුතු යැයි දැඩි ස්ථාවරයක සිටීමේ ප්‍රතිඵලයක් වශයෙන්  2008 වසරින් පසුව ප්‍රථම වතාවට නැවතත් මෙවැනි පත් කිරීමකට විදේශ කටයුතු අමාත්‍යංශය යොමු වූ බවද  වාර්තා වේ.

මහා බ්‍රිතාන්‍යය රාජතාන්ත්‍රික කටයුතු වලදී යුරෝපයේ ප්‍රධානම වැදගත් කේන්ද්‍රස්ථානයක් වන අතරම දෙරට අතර රාජතාන්ත්‍රික කටයුතු නැවතත් වැඩි දියුණු කර ගැනීමේ අරමුණින් මෙම පත්වීම සිදුකළ බවද දැන ගැනීමට තිබේ.

අවසන් වරට වෘතීමය රාජතාන්ත්‍රික නිලධාරියෙකු මහ කොමසාරිස්වරයෙකු ලෙස ලන්ඩනයේ කටයුතු කළේ 2008 වසරේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න