ජොන්ස්ටන් ඇතුළු 3ක් : නඩුව අවසන් වනතුරු රිමාන්ඩ් !

ජොන්ස්ටන් ඇතුළු 3ක් : නඩුව අවසන් වනතුරු රිමාන්ඩ් !

වයඹ  පළාත් සභා මැතිවරණයේ දී සතොස මුදල් අවභාවිතා කළැයි චෝදනාවට ලක්ව සිටින පසුගිය රජයේ වෙළඳ ඇමැති ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනකු නඩුව අසා නිමවන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය අද (3) නියෝග කළාය.

එහිදී විනිසුරුවරිය වැඩිදුරටත් නියෝගකර ඇත්තේ අදාළ නඩුව අඛණ්ඩව විභාගයට ගන්නා ලෙසත්  එතෙක් විත්තිකරුවන් රිමාන්ඩ් බාරයේ තබන ලෙසත්ය.

ඒ අනුව මෙලෙස රිමාන්ඩ් බාරයට පත් වුයේ හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පෞද්ගලික ලේකම් මොහොමඩ් ෂකීර් සහ සතොස සභාපති නලීන් ප්‍රනාන්දු යන තිදෙනාය.

නඩුව විභාගයට ගත් අද දින එවකට සතොස ගණකාධිකාරී බෝතේජු නැමැති අයකු විසින් සාක්කි දෙනු ලැබීය.

කුරුණෑගල යන්තම්පලාව සතොස ශාඛාවෙන් ලබාගත් භාණ්ඩ තොගයක් සඳහා රාජ්‍ය මුදල් අවභාවිතා කළැයි මොවුන්ට එරෙහිව නීතිපති චෝදනා ගොනුකර ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න