බෙංගමුවේ නාලක හිමි ඇතුළු භික්ෂුන් 4ට ඇප !

බෙංගමුවේ නාලක හිමි ඇතුළු භික්ෂුන් 4ට ඇප !

බෙංගමුවේ නාලක, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස, මාගල්කන්දේ සුදත්ත සහ මැඩිල්ලේ පඤ්ඤාලෝක යන හිමිවරුන්ට ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව  මහේස්ත්‍රාත් අධිකරණය අද(03) නියම කර තිබේ.

රාජ්‍ය දේපලවලට හානි කිරීමේ චෝදනා සම්බන්ධයෙන් මෙම හිමිවරුන් හතර දෙනා  පසුගිය 31වනදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු කර තිබිණ.

ඒ පසුගිය වසරේ පැවැති ආබාධිත රණවිරු උද්ඝෝෂණය අතරවාරයේදී රාජ්‍ය දේපලට හානි කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළ සැකකාර හිමිවරුන් හඳුනාගෙන ඇති බව පොලීසිය අධිකරණයට සිදුකල  දැනුම්දීම පදනම් කරගෙනය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න