මෛත්‍රී -මහින්ද පාර්ශව ඝාතන තැත : අසත්‍ය මාධ්‍ය වාර්තා ගැන මංගලගෙන් නිවේදනයක් 

මෛත්‍රී -මහින්ද පාර්ශව ඝාතන තැත : අසත්‍ය මාධ්‍ය වාර්තා ගැන මංගලගෙන් නිවේදනයක් 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමට සැලසුම් කර ඇතැයි කියන බරපතල සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මෙවැනි කුමන්ත්‍රණයක් තිබෙන බවට කිසිදු සාක්ෂියක් අධිකරණය හමුවේ මෙතෙක් වාර්තාකර නැතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරන අතර එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

මේ වනවිට මෙම චෝදනා පිළිබඳ තිබෙන එකම මූලාශ්‍රය වන්නේ නාමල් කුමාර නැමැත්තෙක් කරන ලද ප්‍රකාශයයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙවැනි කුමන්ත්‍රණයක් තිබෙන බවට කිසිදු සාක්ෂියක් ඇතැයි වාර්තාකර නැත.

ඒත්  මෙම චෝදනා‍ ඉතා බරපතල ඒවා වන බැවින් එහි නිලධාරීන් මේ චෝදනා පිළිබඳ සෑම ප්‍රකාශයක් හෝ තොරතුරක් පිළිබඳ දැඩි විමර්ශනයකට භාජනය කළ යුතුව  ඇති අතර ඒ  එය ජාතික ආරක්ෂාව ගැන කරුණක් වන නිසාය.

අත්අඩංගුවට ගෙන සිටින ඉන්දියානුවාට ඇති චෝදනා !

පසුගිය  සඳුදා අදාළ  විමර්ශන කටයුතු සිදුකරද්දී ඉන්දියානු ජාතික මර්සිලි තෝමස් යන අය අත්අඩංගුවට ගෙන තිබේ.

එම පුද්ගලයා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අත්අඩංගුවේ තබාගෙන පරීක්ෂණ පැවැත්වීමට අවසර ලබාදී තිබේ.

මොහුව අධිකරණයට ඉදිරිපත් කිරීමේ හේතුව නම් ඔහු 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ පස්වන වගන්තිය වන ත්‍රස්ත ක්‍රියාවක් සම්බන්ධ සැලසුමක් පිළිබඳ විස්තර වාර්තා කිරීමට අපොහොසත්වූයේ සැකය මතයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකය පිළිබඳ කාරණාව විවෘත අධිකරණයේ ලිඛිත හා වාචික වාර්තා මගින් දක්වා ඇත.

සාවද්‍ය හා පදනම් විරහිත ප්‍රචාරයක්!

ඉන් පසු මාධ්‍ය ජාලා කිහිපයක් මෙවැනි ඝාතන තැතක් ඇති බවට ඉන්දියානු ජාතිකයා තහවුරු කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පැවසූ බව දක්වමින් සාවද්‍ය හා පදනම් විරහිත ප්‍රචාරයක් ලබාදී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කිසිම විටෙක මෙවැනි ඝාතන තැතක් ඇතැයි සනාථ කිරීමට සාක්ෂි කිසිවක් අධිකරණයට ඉදිරිපත් කර නොමැත.
ජනමාධ්‍යවේදීන්ට අධිකරණ කටයුතු නිරීක්ෂණය කිරීමට අදාළ ලිපිලේඛන ලබා ගැනීමේ නිදහස පවතියි.

එහෙත් මෙවැනි ඉතා බරපතල කරුණකදී තහවුරු කිරීමකින් තොරව කරුණු පළකිරීම සමාව දිය නොහැකි වරදකි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න