පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අයත් ඩිෆෙන්ඩර් රථයකින් 2015 වසරේදී තරුණයෙකු පැහැරගෙන තුවාල සිදුකිරීම සම්බන්දයෙන් අධිකරණයේ විභාග වන නඩුවෙන් ඇය වරදකරු වීමට නියමිත බවත් ඒ හමුවේ පැහැරගත් තරුණයාට මුදල් දී ඔහුව තමන්ට වාසිවන සේ නම්මා ගැනීමට මන්ත්‍රීවරිය උත්සහ කරන බව නීති ක්ෂේත්‍ර ආරංචිමාර්ග සඳහන් කරයි.
මීට පෙර හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ පෞද්ගලික ආරක්ෂකයින් 08 අදාළ තරුණයා පැහැරගත් බවට උසාවිය හමුවේ පිළිගත් අතර ඔවුන්ට කොළඹ මහාධිකරණය දඬුවම් නියමකර තිබිණ.
පාතාලයේ කෙරුමකු බවට පත්වෙමින් හිරුණිකා විසින් අදාළ තරුණයා පැහැරගත්තද මේ දිනවල ඔහු පසුපස යමින් ලක්ෂ ගණනින් මුදල් පිළිගන්වමින් ඔහු හමුවේ පින්සෙන්ඩු වෙමින් තමාව බේරාදෙන ලෙස ඇවිටිලි කරමින් සිටින බවද වාර්තා වෙයි.
මෙලෙස සාක්ෂි වෙනස් කිරීම සදහා අල්ලස් ලබාදීමද නීතියෙන් බරපතළ වරදක් වන අතර මේ පිළිබඳව තොරතුරු ලබාගත් නීතිඥවරයෙකු අප සමග ප්‍රකාශ කලේ අල්ලස් දීම සහ ලබාගැනීම යන කාරණා දෙකම බරපතළ වැරදි වන හෙයින් හිරුණිකා ලබාදෙන අල්ලස මුදල ලබාගතහොත් පැහැරගැනීමට ලක්වූ තරුණයාටද නීතියෙන් දඬුවම් විදීමට සිදුවනු ඇති බවයි.
හිරුණිකාගේ මෙහයවීමෙන් දෙමටගොඩ ප්‍රදේශයේ රෙදිපිළි අලෙවි සැලක සේවය කළ 34 හැවිරිදි පුද්ගලයෙකු ඇයට අයත් ඩිෆෙන්ඩර් රථයකින් පැමිණ පිිරිසක් පැහැරගත් මෙම සිදුවීම පැහැර ගැනීමට ලක්වු පුද්ගලයා සේවය කල වෙළදසැලේ ආරක්ෂක කැමරාවලද සටහන්ව තිබිණ.
එසේම පැහැර ගැනීමට ලක්වු පුද්ගලයා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වුයේ වෙළඳසැලෙන් පැහැරගෙන ඩිෆෙන්ඩර් රථයකින් කොළොන්නාවේ පිහිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අයත් කාර්යාලයක් වෙත තමාව රැගෙන ගිය බවය.
එහිදි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර තමන්ට තර්ජනය කළ බවත්, එම අවස්ථාවේ සිටි පුද්ගලයින් තමන් පහරදුන් බවත්, ඔහු පොලීසියට පැමිණිලි කර තිබුණා.
මෙම පැහැර ගැනීම සිදුවන්නේ හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ නමට ලියාපදිංචි කරන ලද 62 - 1859 අංකය දරන ඩිෆෙන්ඩර් රථයෙන්.
අදාල සාක්ෂි මත සිද්ධිය සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ඇයගේ පෞද්ගලික ආරක්ෂකයින් 08 දෙනෙකුට විරුද්ධව කොළඹ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා අධිචෝදනා 24ක් ගොනු කළා.
පැහැරගෙන යාම හා පැහැරගෙන යාමට අනුබල දීම සඳහා පොදු අරමුණක් සහිතව කටයුතු කිරිම, යම් තැනැත්තෙකු අයුතු ලෙස සිරකර තබා ගැනීමේ චේතනාවෙන් පැහැරගෙන යාම සහ පැහැරගෙන යාමට අනුබල දීම, නීතිවිරෝධි රැස්වීමක සාමාජිකයින් වී පැහැරගෙන යාම, පොදු චේතනාවක් සහිතව සුළු තුවාල සිදුකිිරීම යන දණ්ඩ නීති සංග්‍රහය යටතේ බරපතළ වැඩ සහිත සිර දඬුවම් දිය හැකි වැරදි එහිදී සිදුකර ඇති බව එම අධිචෝදනාවල සඳහන්.
ඉන් චෝදනා 08ක් පමණක් පෞද්ගලික ආරක්ෂකයින්ට එරෙහිව ඇති අතර අධි චෝදනා 24ටම විත්තිකරු කර ඇත්තේ හිරුණිකා ප්‍රේමචන්ද්‍රයි.කෙසේ වෙතත්, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අදාල චෝදනාවලට වරද පිලිනොගත් අතර ඇගේ පෞද්ගලික ආරක්ෂකයින් සියලූදෙනාම වරද පිළිගත්තා.

