පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂකයා අභ්‍යන්තර ඡන්දයකින් !

පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂකයා අභ්‍යන්තර ඡන්දයකින් !
පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂකයා අභ්‍යන්තර ඡන්දයකින් තෝරා ගැනීම වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
 
'ලංකාදීප' පුවත්පතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රසන්න සංජීව තෙන්නකෝන් මහතා සමග කල සාකච්ඡාවකදී ද ඔහු එම කාරණය පැහැදිලිව කර ඇත්තේ මෙසේය. 
 
''දියුණු රටවල පූර්ණ අපේක්ෂකයා තේරීමේ ඡන්දයක් පක්ෂය තුළ අවුරුද්දක් තිස්සේ යනවා. ඇමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයා තෝරන්නේ රට වටේ ගිහින් වෙනමම ඡන්දයක් තියලා. එංගලන්තයෙත් එහෙමයි. පක්ෂයෙන් නව යෝජනා ගැනීම ඡන්දය දිනීමට වඩා අමාරුයි. හිලරියි, ඔබාමායි ඉදිරිපත් වුණාම ඡන්දයෙන් තේරුවේ. එහෙම දිනුවම එතැන ඉඳලා යන්න ලේසියි. මම වඩාත් කැමැති එහෙම එකකට.''
 
කෙසේවුවද ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂත්වය මෛත්‍රිපාල සිරිසේන මහතාට ලබාදීමටත් අගමැති අපේක්ෂත්වය මහින්ද රාජපක්ෂ මහතාට ලබා දීමටත් එකඟතාවයකට එමින් සිටිනවා දැයි මාධ්‍යවේදියා කල විමසීමේදී එවැන්නක් ගැන කිසිවක් තමා නොදන්නා බව පවසන බැසිල් රාජපක්ෂ මහතා, ''අපි මෛත්‍රීව සලකන්නේ රටේ වත්මන් අර්බුදයේ පාර්ශ්වකරුවෙක් විදියට'' යයි කියා සිටියි. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න