වෘත්තීය සමිති නායකයන්ට ආතතිය - රාජිත

වෘත්තීය සමිති නායකයන්ට ආතතිය - රාජිත

විවිධ ගැටළු හේතුවෙන් වෘත්තිය සමිති නායකයින්ට ආතතියක් ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න  පවසයි.

රජයේ හෙද නිලධාරින්ගේ සංගමය සංවිධානය කළ වාර්ෂික ක්‍රීඩා සැනකෙළියේ සමාරම්භක උත්සවයට නුවරඑළිය තුරඟ තරග පිටියේ දී පසුගියදා එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. 

දැල්පන්දු, ක්‍රිකට් සහ බැට්මිටන් කණ්ඩායම් තරග මෙහිදි පැවැත්වුන අතර, දිවයින පුරා හෙද විද්‍යාල සහ රෝහල් වල සේවය කරන හෙද හෙදියන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් 200 ක් තරඟාවලියට එක්ව සිටියහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - වෘත්තීය සමිති නායකයින් අමාත්‍යවරුන් සමග සාකච්ඡා පවත්වන්නේ ඉල්ලීම් දිනා ගැනීමටයි. නමුත් හෙද හෙදියන්ගේ ක්‍රීඩා කුසලතා දැකබලා ගැනීමේ අරමුණින් තමයි අද මෙතනට පැමිණියේ. වෘත්තීය සමිති නායකයින්ට ආතතියක් තිබෙනවා. වෘත්තීය සමිති නායකයින්ගේ ආතතිය වැඩි වුනාම අපගෙත් ආතතිය වැඩි වෙනවා. වෘත්තීය සමිති නායකයින්ගේ ආතතිය වැඩි කරන්නේ සාමාජිකයින් විසින් ක්‍රීඩා උත්සව පැවැත්වීම තුලින් ලැබෙන ප්‍රතිලාභය ඉතා විශාලයි. ක්‍රිඩා පුහුණුවත් ඉතා වැදගත්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රිකට් කණ්ඩායම් 04 ක් පමණ තිබෙනවා. ක්‍රිකට් තරග සදහා මෙහි ඉදිරිපත්ව සිටින හෙද නිලධාරීන්ට ද දක්ෂතා මත එම ක්‍රිකට් කණ්ඩායම් වලට බැදෙන්න පුළුවන්. දැල්පන්දු කණ්ඩායමක් ද අමාත්‍යාංශය තුල නිර්මාණය කළ යුතුයි. ක්‍රිඩාව විනෝදජනක ලෙස කළ යුතුයි. රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා හෙද සේවාව පමණක් නොව දේශපාලන කටයුතු වල ද නිරත වෙන පුද්ගලයෙක්. වත්මන් රජය බිහි කිරීමට ඔහු විශාල කාර්යභාරයක් ඉටු කළ බව ද සිහිපත් කළයුතුයි.

මෙම උත්සවයේ ජය සංකේත ප්‍රදානය ද සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් සිදු විය.

මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් මහතා, අතිරේක ලේකම්වරුන් වන ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, සුනිල් ද අල්විස්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඩොනල්ඩ් මුරගේ, යන මහත්වරුන් සහ රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය ඇතුලු විශාල පිරිසක් එක් ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න