සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයෙන් ජනාධිපතිට බරපතල චෝදනාවක් !

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයෙන් ජනාධිපතිට බරපතල චෝදනාවක් !

තමාට ජනපති ධූරයට එන්නට අත දුන් බලවේග ඈත්කර ගැනීමෙන් නොනැවතී ඒවා විනාශ කරන තැනකට ජනාධිපතිවරයා වැටීම කණගාටුවට කරුණක් බවත් එමගින් සැබෑවටම සිදුවන්නේ ජනාධිපතිවරයාගේම විනාශය බවත්   සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය  චෝදනා කරයි.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු  මහාචාර්ය සරත් විජේසූරිය මෙසේ චෝදනා කරන අතර මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් පිහිටු වූ  සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය විනාශ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  කටයුතු කරමින් සිටින බවද  පවසයි. 

ජනාධිපතිවරයා 2015 ජනවාරි 8 සිවිල් සංවිධාන ඇතුළු ලක්ෂ හැට දෙකක ජනතාවට දුන් ප්‍රතිඥාවලට පසුපස හරවා දේශපාලන ගමනක් යද්දී සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය එයට දැඩි විවේචනයක් එල්ල කළ බවත් එනිසා ඔහු විවිධ ක්‍රියාමාර්ගවලින් සිය සංවිධානය විනාශ කිරීමට උත්සාහ කරන බවත් මහාචාර්යවරයා  පෙන්වා දෙයි.

එසේම මෛත්‍රිපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ හා මහින්ද රාජපක්ෂ යන චරිත තුනම අසාර්ථක නායකයන් හැටියට ජනතාව අතර සන්නාම ගත වී අවසන් බවත් විවිධ වෘත්තිකයන් ඇතුළු සමාජ කණ්ඩායම් නව දේශපාලනයක් වෙනුවෙන් පෙරට ඒම සුබවාදී ලකුණක් බවත් මහාචාර්යවරයා  වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න