විපතටපත් ජනතාවට කඩිනමින් සහන දෙන්න - ජනාධිපති 

විපතටපත් ජනතාවට කඩිනමින් සහන දෙන්න - ජනාධිපති 

දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන අදාළ අංශවලට උපදෙස් දී ඇති බව වාර්තා වෙයි.

දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා සීෂෙල්ස් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපතිතුමා, ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට දුරකථනය ඔස්සේ උපදෙස් ලබා දුන්නේ විපතට පත් ජනතාවට සහන සැලසීමේ දී කිසිදු අවස්ථාවක මූල්‍ය ප‍්‍රතිපාදන ගැටලුවක් කර නොගන්නා ලෙසයි.

වියළි ආහාර ද්‍රව්‍ය, පානීය ජලය සහ සෞඛ්‍ය පහසුකම් ඇතුළුව විපතට පත් ජනතාවට අවශ්‍ය සුබසාධන වැඩපිළිවෙළ අඛණ්ඩව කි‍්‍රයාත්මක කරන ලෙස ද ජනාධිපතිතුමා ආපදා කළමනාකරණ අමාත්‍යවරයා වෙත වැඩිදුරටත් උපදෙස් දී තිබේ.

එමෙන්ම ජල ගැල්මෙන් විපතට පත් ජනතාව මුදා ගැනීමේ කටයුතු සඳහා ත‍්‍රිවිධ හමුදාවේ සහය ලබාගැනීමට ද ජනාධිපතිතුමා ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත උපදෙස් ලබා දුන්නේ ය.

අයහපත් කාලගුණයෙන් විපතට පත් වූ සියලු ජනතාව වෙත සිය කනගාටුව පළ කරන ජනාධිපතිතුමා, මරණයට පත්වූවන්ගේ පවුල්වල ඥාතීන් වෙත ද සිය බලවත් සංවේගය පළ කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න