කොළඹ කුණු ප්‍රශ්නය විසඳෙයි !

කොළඹ කුණු ප්‍රශ්නය විසඳෙයි !

2018 වසරේ ජුලි මස සිට කැළි කසළ අපහරණය සඳහා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට අය විය යුතු රුපියල් මිලියන 207 ක මුදලක් කොළඹ මහනගර සභාව විසින් ගෙවා නොමැති වීම සම්බන්ධව පැනනැගී අර්බුදය ඊයේ (08) සමතයකට පත්ව ඇත.

කෙරවලපිටිය කසළ අංගනයට කොළඹ මහ නගර සභාවේ කැළ කසළ භාර ගැනීම තාවකාලිකව නවතා දැමීමට පසුගිය සෙනසුරාදා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පියවර ගැනින. 

එයට හේතුව වූයේ 2018 වසරේ ජුලි මස සිට කැළි කසළ අපහරණය සඳහා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට අය විය යුතු රුපියල් මිලියන 207 ක මුදලක් කොළඹ මහනගර සභාව විසින් ගෙවා නොමැති වීමයි.

කෙසේ වෙතත් අය විය යුතු මුළු මුදලින් රුපියල් මිලියන 100 ක මුදලක් කොළඹ මහ නගර සභාව චෙක්පතක් ආශ‍්‍රයෙන් ඊයේ (08)  එම සංස්ථාවට පියවා ඇති බව එහි සභාපති රොෂාන් ගුණවර්ධන මහතා පවසයි. 

ඒ අනුව  නැවතත් කැළි කසළ භාර ගැනීම සිදු කරන බව සභාපතිවරයා පෙන්වා දෙයි. ණය සීමාව ඉක්මවා නොයන පරිද්දෙන් විධිමත් කළමනාකාරීත්වයකින් යුතුව ඉදිරියට මෙය පවත්වාගෙන යෑම දෙපාර්ශවයේම වගකීම බවද ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න