නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් නැමති සමාගමක ආයෝජනය කළේ යැයි චෝදනාවට අදාළ නඩුව අද(09) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගත්තේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව එම නඩුව ගොනු කර තිබෙන අතර කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා ඉදිරියේ නඩු විභාගය පැවැතියේය.
අතර එහිදී නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු වන ව්‍යාපාරික රොහාන් අභය ඊරියගොල්ල මහතා ගෙන් විත්තියේ නීතිඥවරු විසින් හරස් ප්‍රශ්න විමසීම සිදු කරනු ලැබීය.
අනතුරුව විත්තියේ නීතිඥවරුන්ගේ හරස් ප්‍රශ්න විමසීම අවසන් වීමෙන් පසුව නඩු විභාගය නොවැම්බර් මස තිස් වනදා දක්වා කල් තැබීමට අධිකරණය තීන්දු කළේය.
එදින පැමිණිල්ල මෙහෙයවන රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතා විසින් සාක්ෂිකරුගෙන් නැවත ප්‍රශ්න ඇසීමට නියමිතව තිබේ.
ඉකුත් රජය සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30 ක මුදලක් ගවර්ස් කෝපරේට් නැමැති සමාගමක ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.
මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ඉන්දික ප්‍රභාත් කරුණාජීව ,සුජානි බෝගොල්ලාගම ,නිත්‍යා සේනානි සමරනායක, ඉරේෂා සිල්වා සහ ගවර්ස් කෝපරේට් සමාගම නම් කර තිබේ.
මෙම නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර සිටින ඉන්දික ප්‍රභාත් කරුණාජීව නැමැත්තා මේ වන විට අධිකරණය මඟ හැර විදේශගතව සිටින අතර ඔහු නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමට ද අධිකරණය තීන්දු කර තිබේ.

