මෛත‍්‍රී-මහින්ද භාරකාර ආණ්ඩුව ස්ථිරයි !

මෛත‍්‍රී-මහින්ද භාරකාර ආණ්ඩුව ස්ථිරයි !

මෛත්‍රී - මහින්ද හමුව සිදුවූයේ තමාගේද මැදිහත්වීමෙන් බවත් ඒ අනුව  ඉදිරි සති කිහිපය තුළ මෙරට දේශපාලනයේ විශාල විපර්යාසයක් සිදු වන බවත්  පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසයි.

බොරැල්ලේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළ අතර එහිදී භාරකාර ආණ්ඩුවක් සම්බන්ධව ඇතිවූ එකඟතාවයට ජනාධිපතිවරයා ගේ කිසිදු විරුද්දත්ත්වයක් ඇති නොවූ බවද මන්ත්‍රීවරයා පවසා ඇත.

ඒ අනුව ඉදිරියේදී  මෛත‍්‍රී-මහින්ද භාරකාර ආණ්ඩුවක් පිහිටුවන බවත් භාරකාර ආණ්ඩුවක් යටතේ පාර්ලිමේන්තු මැතිවරණයකට යාම සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත කරගත යුතු බවත්  ඒ සදහා සියලු පක්ෂ විපක්ෂ කණ්ඩායම් සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවත් ඔහු පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න