ආණ්ඩුව මහගු පුණ්‍යකර්මයකට සැරසේ !

ආණ්ඩුව මහගු පුණ්‍යකර්මයකට සැරසේ !

1987 JR  ජයවර්ධන රජය විසින් පුද්ගලයන්, දේපළ හා  පුනරුත්ථාපන පනත (REPPIA ) මගින් ඇතිකරණ ලද පුද්ගලයන්, දේපළ හා  පුනරුත්ථාපන අධිකාරිය (REPPIA ) වර්තමානයට  නොගැලපෙන බව වර්තමාන රජයට තේරුම් යාමම ජනතා ජයග්‍රහණයකි.

ඒ  අනුව අද දින පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට බලපොරෝත්තු වන හානිපුර්ණ කාර්යාල පනත මගින්  මේ දක්වා ශ්‍රී ලංකාව තුල  පැවැති සියලු ගැටුම්වලින් පීඩාවට පත් වූ සහ තම ජීවත්වීමේ නිදහස ,මුලික අයිතිවාසිකම් කඩවුණු මෙන්ම මානව හිමිකම් උල්ලංගනය  වූ  සැම සියලු වින්දිතයන්ට  අලුත් බලාපොරොත්තුවක් ගෙන දෙනු ඇත. 

මෙම පනත තුලින්  ඇති කරන්නට බලපොරුත්තුවන හනිපුර්ණ කාර්යාලයේ  සුවිශේෂී  වැදගත්කම්  රැසක් ම තිබේ.

01.මෙම කාර්යාලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව මගින් කොමසාරිස්වරු පත්කරන ස්වාධීන කොමිෂන් සභාවකි.
02, හානිපුර්ණ කාර්යාලය,  ස්ථිර කාර්යාලයක් වේ.
03. පත්වන කොමසාරිස්වරුන්ගේ ප්‍රමුකම කාර්යය වනුයේ, හානිපුර්ණය සදහා  මුලුරටටම නිර්ණායක සපයන පොදු ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය  කිරීමයි.
04.අතුරුදහන් වුවන්ගේ කාර්යාලයට සහය වීම.
05. රජයේ සංහිඳියා  යාන්ත්‍රණ ඇතිකරන වැඩපිළිවෙලේ ඉමහත් වැදකත්කමකින් යුතු යාන්ත්‍රණයකි.
06. යලි ගැටුම්  ඇති නොවීමට ගනුලබන ක්‍රියාමාර්ගයකි.

පීඩිතයන්ට සහන සැලසීම සියලු ආගම් වලට අනුව පුණ්‍ය කටයුත්තකි. ඒ  අනුව මේ පුණ්‍ය කර්මය මගහැරිය  හැක්කේ පාපතරයන්ට පමණි, මල්වට්ටියට අත නොගසන ජනතා නියෝජිතයන්ද, ජාතිවාදී අදහස් වපුරමින්  මෙන්ම,  වැරදි  අර්ථකථන හරහා රජයක් විසින් රටේ පීඩිත ජනතාවට ලබාදීමට උත්සහ කරන ස්වධීන කොමිෂන් සභාවට විනකටින  මජර දේශපාලුවන් හඳුනාගැනීමට තව ඇත්තේ හෝරා  කිහිපයක් පමණි.

අවුකන රාජපක්ෂ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න