Language Switcher

V2025

ක්‍රිකට් තරග පාවාදීමට එරෙහිව අලුත් නීති එයි !

ක්‍රිකට්  ක්‍රීඩාවේදී සිදුවිය හැකි දුෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් දඬුවම් දීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීමට පියවර ගෙන ඇතැයි ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා පවසයි.

ඊයේ (10) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පවසා ඇත. 

ඒ අනුව මුදලට කරන පවාදීම , ඔට්ටු  අනුව තණතිලි වෙනස් කිරීම ඇතුළු දෑ සාපරාධි අපරාධ නීතියට ඇතුළත් කර දඬුවම් දීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීම නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බවද ඇමැතිවරයා කීය.