ජනපති හමුවූ බව බැසිල් පිළිගනී !

ජනපති හමුවූ බව බැසිල් පිළිගනී !

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ  හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ අතර හමුවක් සිදුව ඇති බව බැසිල් රාජපක්‍ෂ මහතා පිළිගෙන ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ නිවසේදී පැවැති සාකච්ඡාවකදී බැසිල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර ඇත.

එසේම එම සාකච්ඡාවෙන්  පසුව  පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගමද මේ බව අනාවරණය කර ඇති අතර  තමන් ජනාධිපතිවරයා මුණ ගැසුනු බැසිල් රාජපක්‍ෂ මහතා පිළිගත් බව ද සඳහන් කර තිබේ.

මෙම හමුව සම්බන්ධව මෙතෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ශවයෙන් කිසිඳු ප්‍රකාශයක් සිදුකර නොමැති අතර ශ්‍රීලනිප - ඒකාබද්ධ විපක්ෂයේ  භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධව පුවත් මැවෙමින් තිබෙන පසුබිමේ බැසිල් රාජපක්ෂගේ මේ අනාවරණය පවතින දේශපාලන පසුබිම තවත් උණුසුම් වන බව විචාරක අදහසවී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න