ඉසුරගේ වැඩවල ගඳ යවන්න වසරකට කෝටි 3ක් වෙන්කරලා !

ඉසුරගේ වැඩවල ගඳ යවන්න වසරකට කෝටි 3ක් වෙන්කරලා !

බස්නාහිර පළාත් සභාව වෙනුවෙන් ඉදිකරන ලද නව ගොඩනැගිල්ල සුවඳවත් කිරීම සඳහා රුපියල් එක්කෝටි හැටතුන් ලක්ෂ හැට දෙදහස් පන්සියයක (රු:16362500)  මුදලක් වියදම් කර එයාර් ප්‍රෙෂ්නර්  යන්ත‍්‍ර සවිකර ඇති බව වාර්තා වෙයි.

මහල් 15 කින් යුතු නව ගොඩනැගිල්ලේ සෑම කාමරයකටම එයාර් ප්‍රෙෂ්නර් සවිකර ඇති අතර ඒ අනුව රුපියල් 18,700 බැගින් යන්ත‍්‍ර 875 මිලට ගෙන ඇති අතර බස්නාහිර පළාත් සභාවේ සන්ධාන මන්ත්‍රී සුලෝචන ගමගේ ද මේ සම්බන්ධව ඉසුර දේවප්‍රිය ප්‍රධාන අමාත්‍යවරයාට   චෝදනා කර සිටියි.

මෙම  එයාර් ප්‍රෙෂ්නර්   නැවත පිරවීම සඳහා එක් වතාවකට රුපියල් 2,625,000 මුදලක් වැයවන බව ද මන්ත්‍රීවරයා සඳහන් කරන අතර  සති 03කට වතාවක් මෙම යන්න සුවඳ පිරවිය යුතු එක්වතාවක් නැවත පිරවීම සඳහා එක් යන්ත‍්‍රයකට රුපියල් 3000ක් බැගින් යන්ත්‍ර 875ට 2,625,000 මුදලක් වැය වන බව ද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

වසරක කාලයක් සඳහා මෙම යන්ත්‍ර වලට සුවඳ පිරවීම සඳහා පමණක් රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් වැයවන බව ද ඔහු කියා සිටී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න