කොටිකාවත්ත සණස සභාපති ඇතුළු වගඋත්තරකරුවන්ට මහාධිකරණයෙන් නොතීසි

කොටිකාවත්ත සණස සභාපති ඇතුළු වගඋත්තරකරුවන්ට මහාධිකරණයෙන් නොතීසි

කොටිකාවත්ත සණස සමිතියේ සිදුව ඇතැයි කියන මහා පරිමාණ මුදල් අවභාවිතාවන් සහ වංචාවන් හේතුවෙන් රුපියල් කෝටි 23 කට අධික පාඩුවක් සිදු කිරීමට එහි සාමාජිකයන් පිරිසක් විසින් පවරන ද නඩුවේ වගඋත්තරකරුවන් ට නොතීසි නිකුත් කිරීමට බස්නාහිර පළාත්බද ප්‍රධාන මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව  විසින් නියෝග කර තිබේ.

2018 ඔක්තෝබර් 03 වැනි දින පවරන ලද එම නඩුවේ සදහන් කරුණු තහවුරු කිරීම සදහා ඔක්තෝබර් 10 වැනි දින  මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව ඉදිරියේ කැදවන ලද අවස්ථාවේ දී පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ ආර්.කේ. ජයලත් මහතාගේ උපදෙස් මත ජ්‍යේෂ්ඨ නීතිඥ සෙනානි දයාරත්න මහතා සමග නීතිඥ නිසල් ප්‍රනාන්දු මහතා අධිකරණයේ පෙනී සිට කරුණු තහවුරු කර තිබේ.

එම  කරුණු තහවුරු කිරීමෙන් අනතුරුව සෑහීමට පත් වූ  අධිකරණය මෙම නඩුව මුල් අවස්ථාවේ දිම නොතීසි නිකුත් කළ යුතු නඩුවක් බවට සෑහීමට පත් වූ බැවින් මෙම නඩුවේ සියළුව වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමට නියෝග කර ඇත.

ඒ අනුව මෙම නඩුව එකී නොතිසියේ සදහන් දිනයේ දී එහි නම් සදහන් වගඋත්තරකරුවන් අධිකරණය ඉදිරියේ පෙනී සිට පෙත්සම්කරුවන්ගේ පෙත්සම මගින් ඉල්ලා ඇති සහනයන් සදහා වන නියෝග නිකුත් නොකිරීමට යම් කිසි හේතු ඇතොත් ඒවා ඉදිරිපත් කරන ලෙස එම වගඋත්තරකාර සමිතියේ සභාපති සරත් විදානපතිරණ ඇතුළු වගඋත්තරකරුවන් 22 කු වෙත නියෝග කර ඇත. 

මෙම පෙත්සම මගින් පෙත්සම්කරුවන් අධිකරණයෙන් ආයාචනා කර ඇත්තේ සමිතියට කෝටි 23 ක් පාඩු කරන ලද සභාපතිවරයාගේ ධුරය තහනම් කරන ලෙසත්, විගණන වාර්තාවේ සදහන් කර ඇති අක්‍රමිකතා නිසා සමිතියට චේතනාන්විතවම සිදු කර ඇති පාඩු ඊට වගකිව යුත්තන්ගෙන් අයකර ගැනීම සදහා අධිභාර කරන ලෙසත් ය. 

මෙම නඩුව සදහා පෙත්සම්කරුවන් විසින් 2015 විගණන වාර්තාව ද ඇතුළු සාක්ෂි ලේඛන 11 ක් පෙත්සම සමග ඉදිරිපත් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න