මංගල පොදුරාජ්‍ය මණ්ඩල මුදල් අමාත්‍ය සමුළුවේ ! 

මංගල පොදුරාජ්‍ය මණ්ඩල මුදල් අමාත්‍ය සමුළුවේ ! 

හදිසි ආපදා අවධානම අවම කිරීම සඳහා ජාතික ධාරිතාව වැඩිදියුණු කිරීම අදාළව කටයුතු කිරීමේදී වෙළඳ හා වාණිජ වටිනාකම් පිළිබඳව පමණක් නොව රටක් වශයෙන් මුහුණදීමට සිදුවන මූල්‍යමය අවධානම කෙරෙහිද අවධානය යොමුකිරීම වැදගත් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික රැස්වීමට සමගාමීව ඉන්දුනීසියාවේ බාලි දිවයිනේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල රටවල මුදල් අමාත්‍යවරුන්ගේ සමුළුව අමතමින්ය.

මෙවර එම සමුළුවේ තේමාව " ආපදා අවධානම අවම කිරීම සඳහා ජාතික ධාරිතාව වැඩිදියුණු කිරීම" වන අතර එහිදී අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ රටවල් වල  මුදල් ඒකක සහ පොළී අනුපාත විචලනය වෙමින් පැවතීම සහ බාහිර සාධක බලපෑම මත හදිසි ආපදා අවධානම වෙනුවෙන් විශාල වැයක් දරන්නට සිදුවීමේදී කුඩා රටවල ආර්ථික ව්‍යාකුලතාවන්ට මුහුණදීමට සිදුවන බවය.

එබැවින්  ආපදා අවධානමට මුහුණදීමේදී රටවල් නිවැරදි උපායමාර්ගික වැඩපිළිවෙලක සිටිය යුතු බවද අමාත්‍යවරයා සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න