BOI සභාපති ධූරය : ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියාට !

BOI සභාපති ධූරය : ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියාට !

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයාලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී හේමසිරි ප‍්‍රනාන්දු පත්කර ඇත.

එම පත්වීමට අදාළ ලිපිය අද (24) පෙරවරුවේදී තමන්ට ලැබුණු බව හේමසිරි ප‍්‍රනාන්දු මහතාද සඳහන්කර සිටියි.

වාර්තා වන ආකාරයට ජනාධිපති කාර්යමණ්ඩල ප‍්‍රධානි තනතුර හොබවමින්ම ඔහු මහජන බැංකුවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළ අතර ජනාධිපතිවරයා විසින් පසුගිය 17 වැනිදා මහජන බැංකුවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය විසුරුවා හැරීමට උපදෙස් නිකුත්කර තිබිණ.

කෙසේ වුවත් මීට පෙර වාර්තා වී තිබුණේ හේමසිරි ප්‍රනාන්දු මහතා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි තනතුරෙන් ඉවත්වී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ධූරය ලබාගැනීමට නියමිත වූ බව වන අතර පසුව එම තීරණය වෙනස් කරගෙන ඇති බවද දැනගන්නට ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න