බන්ධනාගාර සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා ආරක්ෂාව ලබා දීමේ වැඩසටහන යටතේ තවත් බන්ධනාගාර තුනකට පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව ලබා දීමට කටයුතු කර ඇතැයි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පවසයි.
මේ වන විට අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට ආරක්ෂාව ලබා දී ඇති අතර අද (25) සහ හෙට (26) දිනයන්හිදී තවත් බන්ධනාගාර තුනක පිටත ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව ලබා දීමට කටයුතු කර ඇතැයිද වාර්තා වෙයි.
ඒ අනුව මහර, වැලිකඩ හා කොළඹ රිමාන්ඩ් යන බන්ධනාගාරවල පිටත ආරක්ෂාව සඳහා මෙලෙස පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට තීරණය කර තිබේ.
එම බන්ධනාගාරවල පිටත ආරක්ෂාව සහ පිටතින් පැමිණෙන පුද්ගලයින් පරීක්ෂා කිරීමේ කටයුතු ඔවුන් විසින් සිදු කරනු ලබන අතර සෙසු බන්ධනාගාර සඳහා ද පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන බවද දැනගන්නට ඇත.

