සී.බී. වෙල්ගමගේ සීමාව ලකුණු කරයි !

සී.බී. වෙල්ගමගේ සීමාව ලකුණු කරයි !

තමන්ගේ සීමාව දැනගෙන කටයුතු කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම දැනගත යුතු පාර්ලිමේන්තු මන්ත්‍රි සී.බී. රත්නායක පවසා ඇත.

මාධ්‍ය හමුවක අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇති අතර කුමාර වෙල්ගම  දක්වන්නේ තමන්ගේ පුද්ගලික මතයක් බවත් ඕනෑම  පක්‍ෂයක විනයක් ඇති බැවින් ඊට එකගව කටයුතු කල යුතු බවත් ඔහු සදහන් කර සිටියි.

පෙර සිටි රජෙක් බුරූවකුගේ පිට මත නැගී විදි සංචාරය කරද්දී වැසියන් වැද නම්ස්කාර කිරීම් ආචාර කිරිම කරන්නේ නමාට යයි බූරුවා වරදවා වටහාගෙන රජා නැතිව බුරුවා පමණක් ගොස් වූ දේ හැමෝම දන්නා බවත් මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේය.

මහින්දගේ අනුමැතිය !

මේ අතර ඒකාබද්ද විපක්‍ෂයේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්‍ෂකයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා විසින් කරන ප‍්‍රකාශ සම්බන්ධයෙන් එතරම් තැකීමක් නොකරන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසා ඇති බවද වාර්තා වෙයි.

ඒ හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවති ඒකාබද්ද විපක්‍ෂයේ පක්‍ෂ නායක හමුවේදී ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න