බත්තරමුල්ලේ පිහිටි තමාගේ නිවස කිසියම් පුද්ගලයකු විසින් අනවසරයෙන් රූප ගත කිරීම පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අද (25) පාර්ලිමේන්තුවේදී කතානායක කරු ජයසූරිය වෙතින් ඉල්ලා ඇත.
කොළඹ දිස්ත්‍රික් (එ.ජා.ප) මන්ත්‍රී රවී කරුණානායක මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් කතානායකවරයා වෙත එම ඉල්ලීම ඉදිරිපත් කර ඇති අතර මාධ්‍යවේදියකු යැයි කියා ගත් පුද්ගලයකු අද (25) උදෑසන තමාගෙන් කිසිදු අවසරයක් නොගෙන ඩ්‍රෝන කැමරාවක් උපයෝගී කරගනිමින් මෙම රූපගත කිරීම කළ බවද එහිදී මන්ත්‍රීවරයා පවසා ඇත.
එසේම මෙසේ රූපගත කිරීමකට කතානායකවරයා අවසර ලබාදුන්නේ දැයිද කරුණානායක මන්ත්‍රීවරයා වැඩි දුරටත් විමසා ඇත. ඊට පිළිතුරු දුන් කතානායකවරයා කියා සිටියේ තමා කිසිවෙකුට එවැනි අවසරයක් නුදුන් බවයි. එසේම මේ පිළිබඳව පොලිසිය දැනුවත් කර අවශ්‍ය කටයුතු කරන බවද කතානායකවරයා කීය.

