නාලක සිල්වා අත්අඩංගුවට

නාලක සිල්වා අත්අඩංගුවට

පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය බාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය බාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනිමට ඔහුව අද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණ.මේ අනුව නාලක ද සිල්වා මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පෙරවරු 9.00ට පමණ පැමිණි අතර, පැය 10 ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අද දිනයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඔහු පැමිණියේ 05 වැනි දිනටයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාව ඝාතන උත්සාහයක් සම්බන්ධයෙන් දූෂණ විරෝධි බලකායේ නාමල් කුමාර විසින් මීට පෙර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් තිබිණ.

එම පැමිණිල්ල මගින් ප්‍රකාශ කර සිටියේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ හඬ ඇතුළත් වාර්තාවන් තමා සතුව ඇති බවත්, ඒ අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම හඬ පට සමඟ නාලක ද සිල්වාගේ හඬ සමඟ ගැලපේද යන්න පරික්ෂා කිරීමට රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවට නියෝග නිකුත් කෙරිණ.

එම හඬ පරීක්‍ෂණයෙන් පසු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව නැවත පරික්ෂණ ආරම්භ කර ඇති අතර, එ් අනුව පසුගිය දින කිහිපය තුළදී ඔහුගෙන් ප්‍රකාශ ලබාගැනීම සිදුකෙරුණි.

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාව අද රාත්‍රියේදි කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න