හානි පූර්ණය සඳහා වන කාර්යාල පනත් කෙටුම්පතට කතානායක කරු ජයසූරිය ඊයේ (25) අත්සන් කර ඇත.
මෙම පනත් කෙටුම්පත පසුගියදා 10වනදා පාර්ලිමේන්තුවේ දී සංශෝධන සහිතව සම්මතවූ අතර පනත් කෙටුම්පත පිළිබඳ යෝජනාව ඉදිරිපත් කරමින් අඳහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කර සිටියේ සියලු ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පනත් කෙටුම්පත ඉදිරිපත් කරන බවය.
එසේම උතුරේ පමණක් නොව දකුණේ ද අතුරුදහන්වූවන් වාර්තා වී ඇති බවත් ඒ පිළිබඳව හානිපූර්ණය කළ යුතුව තිබෙන බවත් එහිදී සඳහන් කල අග්‍රාමාත්‍යවරයා අදාළ පාර්ශව සඳහා සහන සැලසීමට ක්‍රියා කළ යුතුව ඇති බවද පෙන්වා දුන්නේය. තවද මෙම කාර්යාලය මඟින් ප්‍රතිපත්ති සකස් කිරීම, ක්‍රියාත්මක කිරීම, හා ඒවයේ ප්‍රගතිය වාර්තා කිරීම සිදුකරන බවත් අධ්‍යක්ෂ මණ්ඩලය හතරදෙනෙකුගෙන් සමන්විත වන බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

