රාජිතගේ සේවය ඇමරිකාවේ ඇගයුමට ! 

රාජිතගේ සේවය ඇමරිකාවේ ඇගයුමට ! 

සෞඛ්‍ය සේවාව නංවාලීම සදහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ගත් තීන්දු තීරණ ලෝකයට සත්‍ය වශයෙන්ම ආදර්ශයක් බව Prof. Ronald De Pinho (President of the University of Texas, MD Anderson Cancer Centre in Houston) මහතා පවසයි.

කොළඹ කිංග්ස්බරි හෝටලයේ පසුගිය 24 වනදා  පස්වරුවේ ආරම්භ වූ ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව ශ්‍රී ලංකාවට හදුන්වාදීමේ සමුළුවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. ‍

මෙම සමුළුවට ඇමරිකාවේ සිට ජාන තාක්ෂණ විශේෂඥ වෛද්‍යවරුන්, මහාචාර්යවරුන් රැසක් සහභාගි වී සිටියහ.  මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බව Prof. Ronald De Pinho මහතා - “ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ආකර්ශණීයයි. සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස දොස්තර රාජිත සේනාරත්න මහතා විශිෂ්ඨ සේවාවක් ඉටු කරනවා. ප්‍රාථමික සෞඛ්‍ය සේවාව, ප්‍රජා සෞඛ්‍ය සේවාව නංවාලිමට වැදගත් තීන්දු තීරණ රැසක් ගෙන තිබෙනවා. එම තීන්දු තීරණ සත්‍ය වශයෙන්ම ලෝකයට ආදර්ශයක්. වසර 2025 වන විට ලෝක ජනගහනයෙන් බිලියන 1.2 ක් වයස අවුරුදු 60 ඉක්මවූවන් වනවා. එම ජනගහනය දියවැඩියාව, පිළිකා රෝග වලට ගොදුරුවීමේ අවධානමක් තිබෙනවා. එවැනි රෝගීන් වසර 05 කට වරක් දෙගුණයට පත් වෙනවා. අවුරුදු 85 ක් පමණ ජීවත් වන්නේ නම් සියයට 40 ක පිළිකා අවධානමක් තිබෙනවා. සෞඛ්‍ය සේවාවේ දියුණුව තුලින් එවැනි රෝග වලට ප්‍රතිකාර සොයාගත හැකියි. ඉදිරි වසර 10 තුල ලෝක ජනගහනයෙන් මිලියන 100 ක් පමණ පිළිකා රෝග වලට ගොදුරු වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා. ඔවුන්ට ප්‍රතිකාර කිරිම සදහා ත්‍රිලියනයකට අධික මුදලක් වැය වෙනවා.

තාක්ෂණික දියුණුවත් සමග විශේෂිත ප්‍රතිකාර ක්‍රම ආරම්භ කළ හැකියි. ලෝකයේ කොතනක සිටියත් ගැලපෙන වෛද්‍ය ක්‍රම අනුගමනය කරමින් සෞඛ්‍ය වියදම අවම කර ගන්න පුළුවන්. දැනට තිබෙන දැනුමට අනුව පිළිකා රෝගීන්ගෙන් සියයට 50 ක් රෝගයෙන් බේරා ගන්න පුළුවන්. 

ශ්‍රී ලංකාව රටක් ලෙස දුම්කොළ බදු වැඩි කිරීම, දුම්වැටි සදහා රූපමය අවවාද සියයට 80 දක්වා වැඩි කිරීම තුලින් ජනතාව පිළිකා රෝගයෙන් බේරා ගැනීමට ඉතා වැදගත් තීන්දු තීරණ ගැනීම අගය කරනවා. නියම ආකාර ප්‍රතිපත්ති සහ අවස්ථා යොදා ගැනීම ඉතා වැදගත්. දුම්කොළ සහ දුම්වැටි හේතුවෙන් මියයන සංඛ්‍යාව ද වැඩි වෙනවා. හියුමන් පැපිලෝමා වෛරස් එන්නත ශ්‍රි ලංකාව භාවිතා කිරිම සෞඛ්‍ය සේවාව ලැබු තවත් පිම්මක්. එය කාන්තාවන්ට සහ පිරිමින්ට ලබාදිම තුලින් පිළිකා වෛරස් අවම කර ගන්න පුළුවන්. ඇමරිකාවේ මෙන්ම ලෝකයට ස්ථූලතාවය විශාල ප්‍රශ්ණයක්. ස්ථූලතාවය පිළිකා රෝගයට හේතුවක් වෙනවා. තාක්ෂණික දියුණුව තුලින් පිළිකා රෝගය වළක්වා ගැනීම සදහා ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාවෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටු කරන්න පුළුවන්. එය රජයක් ලෙස සෞඛ්‍ය සේවාවට කළ යුතු ආයෝජනයක්. මූල්‍යමය අතින් ද වාසිදායක වෙනවා. රෝගී ජනතාව දුකෙන් මුදා ගනිමින් දුක්ඛිත තත්වයෙන් මුදා ගන්න හැකියාව ලැබෙනවා. තාක්ෂණික විප්ලවය තුලින් පිළිකා රෝගය මූලික අවස්ථාවේ දීම හදුනාගැනීමට ලැබීම ඉතාම වැදගත්. ඉදිරි වසර 20 තුල අඩු වියදමින් සරළ පිළිකා පරික්ෂණයක් හදුන්වාදීමට බලාපොරොත්තු වෙනවා. ප්‍රතිකාර කිරිම තුලින් පිළිකාව සුව කරන්න පුළුවන්. එමගින් පිළිකා මරණ අවම කර ගැනීමේ අවස්ථාව උදා වෙනවා. මේ පිළිබද දැනුම ජනතාවට මෙන්ම සෞඛ්‍ය සේවකයින්ටත් ලබාදිය යුතුයි. ඇමරිකාවේ පිළිකා පර්යේෂණ මධ්‍යස්ථානයට සියයට 70 ක පමණ රෝගීන් ඇතුලත් වන්නේ වෙනත් කළාප වලින්. උදාහරණයක් ලෙස පියයුරු පිළිකා රෝගියෙකු විශේෂඥ වෛද්‍යවරුන් 18 දෙනෙකුගේ පමණ නිරික්ෂණයට ලක් වෙනවා. එමගින් නිවැරදි රෝග විනිශ්චයක් ලබා ගන්න පුළුවන්. එවැනි ගුණාත්මක හා ඉහළ තාක්ෂණයෙන් යුත් සෞඛ්‍ය සේවාවක් තුලින් රෝගී ජනතාව බේරා ගන්න පුළුවන්.”යැයි පැවැසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න