ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝණය කරමින් කුමන්ත්‍රණ ආණ්ඩුවක් පිහිටවූ ජනාධිපති සිරිසේනගේ රාජපක්ෂ - කුමන්ත්‍රණ ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයේ 13 දෙනෙකු අද (29) පත්කරනු ලැබිණ.
එක්සත් ජාතික පක්ෂයේ විජයදාස රාජපක්ෂ යළිත් මහින්ද රාජපක්ෂ වෙත ගොස් තිබේ. එසේම එජාපය වෙත පැමිණ රනිල්ය සහාය දෙනවා යයි කී වසන්ත සේනානායක සහ වඩිවේල් සුරේෂ් ද යලි මහින්ද වෙත ගොස් තිබේ. කලින්ම ගිය ආනන්ද අලුත්ගමගේ ද ඇතුළු ඔවුන් ඇමැතිවරුන් ලෙස දැන් කුමන්ත්‍රණ ආණ්ඩුවේය.
ඒ අනුව අද හදනු ලැබූ කුමන්ත්‍රණ ඇමති කට්ටලය මෙසේය.
මුදල් හා ආර්ථික කටයුතු ඇමැති - මහින්ද රාජපක්ෂ
සිවිල් හා ගුවන් සේවා ඇමැති - නිමල් සිරිපාල
විදේශ කටයුතු ඇමැති - සරත් අමුණුගම
වරාය සහ නාවික කටයුතු ඇමැති - මහින්ද සමරසිංහ
කෘෂිකර්ම ඇමැති - මහින්ද අමරවීර
විදුලි බල සහ පුනර්ජනනීය බල ශක්ති ඇමැති - රංජිත් සියඹලාපිටිය
උසස් අධ්‍යාපන ඇමැති - විජයදාස රාජපක්ෂ
පළාත් සභා පළාත් පාලන සහ ක්‍රීඩා ඇමැති - ෆයිසර් මුස්තාපා
පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම, උතුර සංවර්ධන සහ හින්දු කටයුතු ඇමැති - ඩග්ලස් දේවානන්ද
උඩරට නව ගම්මාන, යටිතල පහසුකම්, ප්‍රජා සංවර්ධන - ආරුමුගම් තොණ්ඩමන්
සංචාරක සහ වනජීවී ඇමැති - වසන්ත සේනානායක
සංචාරක සහ වනජීවී නි. ඇමැති - ආනන්ද අලුත්ගමගේ
වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමැති - වඩිවේල් සුරේෂ්

