"මචං රංජිත් ! "අඹ ගහත් රෙඩී - කඹයත් රෙඩී"   : පොහොට්ටුවට ජාතික ප්‍රශ්නයක් !

"මචං රංජිත් ! "අඹ ගහත් රෙඩී - කඹයත් රෙඩී"   : පොහොට්ටුවට ජාතික ප්‍රශ්නයක් !

සිරිසේනගේ කුමන්ත්‍රණ ආණ්ඩුවට එක්වීමට මහින්ද රාජපක්ෂ ගනුලැබූ තීරණය සම්බන්ධව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ බලවත් විරෝධයක් නිර්මාණය වෙමින් තිබෙන බව එහි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙසේ විරෝධයක් මතුවීමට අදාළ ප්‍රමුඛ කාරණය වී ඇත්තේ මහින්ද රාජපක්ෂ කුමන්ත්‍රණ ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙඅ දිව්රුම් දෙනතුරු ඒ කිසිවක් එම පක්ෂයේ මුල්පෙළ නායකයින් පවා නොදැන සිටීමය.

මේ සම්බන්ධව අදහස් දක්වමින් එහි ප්‍රබලයකු සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයා කුමන්ත්‍රණ ආණ්ඩුව පිහිටුවීම සිදුකළේ ව්‍යවස්ථාවට අනුව නම් එය සිදුකිරීමට මෙතරම් කාලයක් ගත්තේ ඇයිද යන්නය. එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් ඔප්පු වූයේ ඔනෑම ජාතික මැතිවරණයකදී පහසු ජයක් ලැබීමේ අවස්ථාව තිබියදී ව්‍යවස්ථා කුමන්ත්‍රණ ආණ්ඩුවක කොටස් කරුවන් බවට පත්වී අවසානයේ සිරිසේනජනාධිපති යටතේ හිස නවන්න වන තරම් පහත් තත්ත්වයකට වැටීමට සිදුවීමය.

එසේම මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී  රංජිත් සොයිසා වැනි පොදුජන පෙරමුණ ගොඩනගන්නට සහ ඊට පෙර ඒකාබද්ධ විපක්ෂය තුළ කථිකයකු ලෙස ප්‍රධාන භූමිකාවක් සිදුකළ අයට මේ මතුව ඇති තත්ත්වය හමුවේ මාධ්‍යට පමණක් නොව පාක්ෂිකයන්ට පවා මුහුණදීමට නොහැකි ලජ්ජා සහගත ඉරණමක් අත්වීම ගැනද පොදුජන පෙරමුණේ ප්‍රබලයින්ගේ අවධානය යොමුව ඇත.

පසුගිය දිනක ජනහමුවක අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා ජනතාව හමුවේ ප්‍රසිද්ධියේ දිවුරා කියා සිටියේ "ජනපති ලෙස සිරිසේන සිටින ආණ්ඩුවක මහින්ද මහත්තයා අගමැති වුවහොත් තමන් නෙළුම් මාවතේ අඹ ගසේ බෙල්ලේ වැලදාගෙන මැරෙන බවය". වාර්තා වන ආකාරයට ඔහු මේ ප්‍රකාශය සිදුකර ඇත්තේ ඊට පෙර දිනයේ බැසිල් රාජපක්ෂ ලබාදුන් සහතිකය මතය.

එසේම මේ වන විට රංජිත් සොයිසා මන්ත්‍රීවරයා හමුවන සහ ඔහුට ඇමතුම් ලබාදෙන පිරිස් " රංජීයා වැලක් එහෙම ඕනනම් කියපන්" කියමින් විහිළුවට ගෙන ඇති බව වාර්තා වන අතර තමන් අපහසුවෙන් ගොඩනගා ගනුලැබූ දේශපාලන ගැම්ම අවසානයේ සමච්චලයකට ලක්වීමට තරම් පහතට වැටීම ගැන මන්ත්‍රීවරයා ද බලවත් කළකිරීමෙන් සිටින බවද දැනගන්නට ඇත.

තවද මේ වන විටත් ශ්‍රීලනිප සහ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙපාර්ශවයක් ලෙස මතුව ඇති නව දේශපාලන පසුබිම තුළ ඉදිරියේ දේශපාලනය සිදුකරන ආකාරය සම්බන්ධව සාකච්ඡා කරමින් සිටින බවද දැනගන්නට ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න