පාර්ලිම්න්තුව නොවැම්බර් 05 වනදා යළි කැඳවීමට ජනාධිපතිවරයා එකඟකර ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා බලවත් පරිශ්‍රමයක් දරා ඇති බව විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකු newstube.lk වෙත පැවසීය.
අද (01) උදෑසන මහින්ද රාජපක්ෂ සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් පැවැත්වූ සාකච්ඡාවෙන් පසුව අප අමතමින් ඔහු ඒ බව සඳහන් කළේය.
දිගින් දිගටම එල්ලවන ජාත්‍යන්තර පීඩනය හමුවේ පොදුජන පෙරමුණ නියෝජනය කරන විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් බැසිල් රාජපක්ෂ මහතා හරහා මහින්ද රාජපක්ෂ මහතා දැනුවත් කළ බවත් එසේ නොවන්න ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කැඳවීමේ කිසිඳු ස්ථාවරයක නොසිටි බවද ඔහු පැවසීය.
පාර්ලිමේන්තුව තුළ 113 ක බහුතරය පෙන්වා ගැනීමට නොහැකි නම් අඛණ්ඩව පාර්ලිමේන්තුව කල් දැමිය යුතුය යන ස්ථාවරයේ ජනාධිපතිවරයා සිටින බවත් මේ වන විටත් රට මුහුණදී ඇති ආර්ථික දුෂ්කරතාව සම්බන්ධව හෝ ජාත්‍යන්තර දේශපාලනයේ හැසිරීම සම්බන්ධව ජනාධිපතිවරයාට නිසි උපදෙස් නොලැබෙන බවක් පෙනෙන්නට ඇති බවද ඔහු වැඩිදුරටත් පවසයි.
එසේම නොවැම්බර් 05 පාර්ලිමේන්තුව කැඳවීම සඳහා ජනාධිපතිවරයා එකඟකර ගැනීමට හැකි වුවත් එය එදිනම නැවත කල්තැබීමේ වැඩි ඉඩක් පවතින බවත් බොහෝවිට කුමන හෝ ආකාරයකට පාර්ලිමේන්තුවේ බහුතරය සකස්කර ගන්නා තෙක් පාර්ලිමේන්තුව විවෘතව තැබීමට ජනාධිපතිවරයාගේ අදහසක් නැති බවද ඔහු සඳහන් කර සිටියේය.

