සිරිසේනගේ වැඩේ ව්‍යවස්ථා විරෝධී - ජේෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයාසිරි

සිරිසේනගේ වැඩේ ව්‍යවස්ථා විරෝධී - ජේෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයාසිරි

කුමන්ත්‍රණ ආණ්ඩුව පිහිටුවීමේදී සිරිසේන ජනාධිපති කටයුතු කළ ආකාරය ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ජේෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයාසිරි පවසයි.

ඊයේ (06) ජාතික රූපවාහිනියේ ඇත්ත නැත්ත දේශපාලන සංවාදයට එක්වෙමින් ඔහු මේ බව අවධාරණය කර සිටියේය.

එහිදී ජේෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයාසිරි ඉතා පැහැදිළිව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව කරුණු පෙලගස්සවමින් මේ බව පෙන්වා දුන්නේ මෙසේය.

ඒ අනුව මෙතෙක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ධුරයෙන් ඉවත්ව නැත. එසේම ඔහුව ඉවත් කිරීමට  ජන්ද පෙත්සමකින් පමණය. ඒ අනුව රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මේ මොහොතේ සිටින ස්ථාවරය නිවැරදිය. 

මෙහිදී වැඩසටහන මෙහෙයවන නිවේදකයා අවධාරණය යොමුකරවන්නේ  "ඇතැමුන් ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි මෙවැන්නක් සිදුකළ හැකි බවත් එය සියල්ලට ඉහළින් පවතින බවට" මතයක් ඇති බවය.

ඊට පිළිතුරු දෙමින් ජේෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයාසිරි පවසන්නේ, ජනාධිපතිවරයාගේ අභිමතය යනුවෙන් සඳහන්ව තිබුණත් එය වැරදි ආකාරයට භාවිතා කල නොහැකි බවය. එසේම අභිමතය ක්‍රියාවට නැගිය යුත්තේ නිවැරදිව බවත් ඊට නිදර්ශන ලෙස ආර්.සම්බන්ධන් මහතා අගමැති කිරීමේ අභිමතයක් ජනාධිපතිට තිබුණත් එය සිදුකල නොහැකි බව ඔහු පෙන්වා දුන්නේය.

අදාළ විවාදයේදී ජේෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයාසිරි දැක්වූ අදහස් පහත පළවේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න