සංචාරක කර්මාන්තයත් ඉවරයි !

සංචාරක කර්මාන්තයත් ඉවරයි !

ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන අර්බුදය හමුවේ විදේශිකයන් ශ්‍රී ලංකාවට පැමිණීමේ අදහස අතහැරගෙන ඇති බව සිංගප්පූරුවේ THE STRAITS TIMES වෙබ් අඩවිය සඳහන් කර තිබේ. 

අගමැතිවරුන් දෙදෙනෙක් බලය අල්ලා ගැනීමට අරගල කරන ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය හමුවේ සංචාරකයන් රටෙන් පිටවීම, විදේශ ආධාර නැවතීම ශ්‍රී ලංකාවේ ආර්ථීක බිඳ වැටීමේ සංඥා නිකුත් කර ඇති බව ‍එම වෙබ් අඩවිය පවසා සිටියි. 

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් අස්ථාවර වෙනු ඇති බව ඔවුන්ගේ අදහස වී තිබේ. 

මේ දේශපාලන අර්බුදයන් ලේ වැගිරීම් දක්වා ව්‍යාප්ත වීමේ බියකින් පසුවන විදේශිකයන් සංචාරක වෙරළ තීරය හා ශ්‍රී දළදා මාළිගය ආශ්‍රිතව හෝටල් වෙන් කිරීම් අවලංගු කරමින් සිටින බවද එම පුවත මගින් නිවේදනය කර තිබේ.  

බටහිර රටවල් හා යුරෝපා සංචාරකයන් වැඩි වශයෙන් සිය හෝටල් වෙන් කිරීම් සිදු කරන සමයක් වුවද  ගෙවීගිය දින 10 තුළ එක්සත් ජනපදය ඇතුළු මෙම රටවල සංචාරකයන් විශාල ප්‍රමාණයක් සිය වෙන්කිරීම් අවලංගු කළ බව කලම්බු සිටි හොටෙල් හි නිළධාරියෙකු පැවසූ බව එම වෙබ් අඩවිය සඳහන් කර තිබේ.

බටහිර ජාතීන් සිය පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් අනතුරු හඟවා ඇති බවටද එහි කරුණු දක්වා ඇත.

පසුගිය වසරේ මිලියන 2.4ක විදෙස් සංචාරකයන් සංඛ්‍යාවක් සිය නිවාඩුව ගත කිරීම සඳහා මෙරටට පැමිණ තිබේ. ඔවුන්ගේ පැමිණීමෙන් ශ්‍රී ලංකාව ලද විදෙස් ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 3.2කි.  මේ වසරේ එම ප්‍රමාණය 10%කින් වැඩි වී තිබුණි. 

ආසියානු සංවර්ධන බැංකුව මේ වසරේදී ශ්‍රී ලංකාවේ  ආර්ථිකය 3.8%කින් වැඩි වී ඇති බව සඳහන් කළ අතර එම අගය 2019 වන විට 4.5%කින් වැඩිවනු ඇති බවට මත පළ කර තිබුණත් දැන් ඒ සියලු සැළසුම් අසාර්ථක වනු ඇති බව එම වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කර තිබේ. 

THE STRAITS TIMES වෙබ් අඩවියේ සඳහන් අදාළ පුවත

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න