මහින්ද ජනාධිපති කාර්යාලයේ යකා නටයි

මහින්ද ජනාධිපති කාර්යාලයේ යකා නටයි

අද සවස නව ආණ්ඩුවට සහය දක්වන එක්සත් ජනතා නිදහස් සංධාන සහ වෙනත් පක්ෂවලින් සහය පළ කිරීමට පැමිණි මන්ත්‍රීවරුන් ජනාධිපති ලේකම් කාර්‍යාලයට කැදවා තිබූ අතර ඒ සදහා සහභාගී වී ඇත්තේ මන්ත්‍රීවරු 86 දෙනෙකු පමණි.

මේ බව වැටහී ගිය වහාම හිටපු ජනාධිපති , අගමැති මහින්ද රාජපක්ෂට යක්ෂාවේෂ වී ඇති අතර එස්.බී දිසානායක, ඩිලාන් පෙරේරා සහ කපුකම සදහා දායක වූ සියලු පාර්ශව වෙත මැදමූලන භාෂාවෙන් ආමන්ත්‍රණය කර තිබේ.

ජනාධිපතිවරයා දෙසට හැරුනු මහින්ද "මට හෙට වෙනකොට 113 ඕන. නැත්නම් මම නරක මිනිහා කියන්න එපා" යැයි පවසමින් ජනාධිපති කාර්‍යාලයෙන් පිටව ගොස් ඇත.

මේ වනවිට මෙම රැස්වීමට සහභාගී නොවූ මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් ජංගම දුර්කතන පවා විසන්ධිකර ඇති අතර රාජපක්ෂ මහතාගේ තර්ජනය හමුවේ බිය වූ ජනාධිපතිවරයා ප්‍රමුඛ කණ්ඩායම මන්ත්‍රීවරුන් සෙවීම සඳහා විශේෂ මෙහෙයුමක් දියත් කොට ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න