සිරිසේනගේ ඉල්ලීම මුස්ලීම් නායකයන් ප්‍රතික්ෂේප කරයි !

සිරිසේනගේ ඉල්ලීම මුස්ලීම් නායකයන් ප්‍රතික්ෂේප කරයි !

කුමන්ත්‍රණ ආණ්ඩුවට සහය දී අමාත්‍ය ධුර භාරගන්නා ලෙස ජනාධිපති සිරිසේන ගෙනා යෝජනාව මුස්ලිම් කොන්ග්‍රස් නායක රාවුෆ් හකීම් සහ සමස්ත ලංකා මහජන කොන්‍ග්‍රස් නායක බදුර්දීන් ප්‍රතික්ෂේප කර ඇත.

විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ජනාධිපති සිරිසේනගේ කැඳවීමට අනුව මෙම මුස්ලීම් පක්ෂ නායකයන් දෙදෙනාම ජනාධිපතිවරයා හමුවීමට ගොස් ඇත.

එම අවස්ථාවේ  පළමුව තමන් පිහිටුවාගත් ආණ්ඩුවට සහය දෙන ලෙස ජනාධිපති සිරිසේන මෙම නායකයන් දෙදෙනාගෙන් ඉල්ලා ඇති අතර එහිදී ඔවුන් සඳහන්කර ඇත්තේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයට පිහිටුවා ඇති ආණ්ඩුවට සහයදිය නොහැකි බවය. 

පසුව ජනාධිපති සිරිසේන මෙම  මුස්ලිම් නායකයන් දෙදෙනාට තර්ජනාත්මකව පවසා ඇත්තේ ඔවුන් තමන්ට  සහාය පළ කළත් නොකළහොත් තමන් පාර්ලිමේන්තුව විසිරුවා හරින බවය.

 එහිදී ජනාධිපතිට එවැනි ප්‍රතිපාදනයක් ව්‍යවස්ථාවෙන් සලසා නොමැති බව මුස්ලිම් නායකයන් දෙදෙනා පෙන්වා දුන් විට ජනාධිපතිවරයා අවඥාසහගතව සිනහා සෙමින් “ඇයි මම ජනමතය විමසීම වැරදිද ?" යි අසා තිබේ.

එහිදී ඔවුන් පෙන්වාදී ඇත්තේ ජනමතය විමසීමේ වරදක් නොමැති බවත් නමුත් එය  ව්‍යවස්ථාවට අනුකූලව සිදුවිය යුතු බවය. එසේම 19 ව්‍යවස්ථා සංශෝධනය අනුව  පාර්ලිමේන්තුවේ කාලය අවසන් වීමට මාස 6 ක් තිබියදී මිස ජනාධිපතිට පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට  ඉඩක් නොමැති බවය. එසේම නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරවා හැරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වැඩි බහුතර එකඟතාවක් අවශ්‍ය බවත් එය ව්‍යවස්ථාවේ සඳහන් බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වාදී ඇත.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට ජනාධිපතිවරයා මුස්ලිම් කොන්ග්‍රස් නායක රාවුෆ් හකීම් සහ සමස්ත ලංකා මහජන කොන්‍ග්‍රස් නායක බදුර්දීන් කැඳවා ඇත්තේ සුහද හමුවකට බව පවසමින්ය. නමුත් ජනාධිපතිවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ආණ්ඩුවේ ප්‍රධානීන් සිදුකර ඇත්තේ රවුෆ් හකීම් සහ රිෂාඩ් බදියුදීන් යන මුස්ලීම් පක්ෂ නායකයින් දෙදෙනා ජනාධිපතිවරයා සමඟ අවබෝධතා ගිවිසුමක් සඳහා සාකච්ඡා කරන බවට සාවධ්‍ය ප්‍රචාරයක් පැතිරවීමය.

 මේ වන විටත් රවුෆ් හකීම් අමාත්‍යවරයා අදාළ සාකච්ඡාව සම්බන්ධව සිය නිල ට්වීටර් ගිනුමේ අටහනක් තබා ඇති අතර රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාද ඒ සම්බන්ධව විශේෂ ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිත බවද දැනගන්නට ඇත. 

Untitled

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න