වීරවංශ බැසිල්ගෙන් හැළෙයි : සිරිසේනට ඇලෙයි !

වීරවංශ බැසිල්ගෙන් හැළෙයි : සිරිසේනට ඇලෙයි !

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද (09) කුමන්ත්‍රණ ආණ්ඩුවේ  නිවාස සහ සමාජ සුභාසාධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීම සිදුකර ඇත්තේ බැසිල් රාජපක්ෂගේ තීරණයක් වෙනස් කර ජනාධිපතිවරයා ගනුලැබූ තීන්දුවකට අනුව බව දේශපාලන ආරංචිමාර්ග වාර්තා කරයි.

ඊට අනුව කුමන්ත්‍රණ ආණ්ඩුවේ අමාත්‍ය ධුර නම් කිරීමේදී අක්‍රමිකතා සහ අපරාධ සම්බන්ධව චෝදනා ලබා අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අමාත්‍යධුර ලබා ගැනීමෙන් වළකින ලෙස බැසිල් රාජපක්ෂ මහතා දැනුම්දී තිබේ. එසේම ඒ බව ඔහු විසින් පෞද්ගලිකවම අදාළ මන්ත්‍රීවරුන් අමතා දැනුම්දී ඇති බවද  දැනගන්නට ඇත. ඒ අනුව පොදු එකඟතාව තිබී ඇත්තේ යළි මහ මැතිවරණයක් පවත්වන තුරු අමාත්‍යධුර භාරනොගෙන සිටීමටය.
 
මෙතෙක් නාමල් රාජපක්ෂ මෙන්ම විමල් වීරවංශ, උදය ගම්මන්පිළ ඇතුළු පිරිසක්ම කැබිනට් අමාත්‍යධුර ලාබා නොගෙන ඇත්තේද ඒ නිසාය. එහෙත් අද විමල් වීරවංශ අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දී ඇත්තේ ඒ පොදු එකඟතාව කඩමින්ය. එසේම ඒ සඳහා බැසිල් රාජපක්ෂගෙන් විමසිය යුතුව තිබුණත් එවැන්නක් ද සිදුව නැත. එහිදී සිදුව ඇත්තේ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර තමන්ට නිවාස අමාත්‍යධුරය අවශ්‍ය බව දන්වා වීරවංශ මන්ත්‍රීවරයා අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමය. 
 
මේ අතර සම්බන්ධව කුමන්ත්‍රණ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ 113 සම්පුර්ණ කරගන්නට නොහැකි බව තහවුරු වන්නට ගත්විට විමල් වීරවංශ මන්ත්‍රීවරයා තම වෙබ් අඩවි කිහිපය සහ සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකරුවන් යොදවා "වීරවංශට ඇමතිකමක්" ගැන සෘජුව දැක්වෙන පුවත් නිර්මාණය කරනුද දක්නට ලැබිණ.
 
ws
Capturewi

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න