විමල්ට තවත් නඩුවක් !

විමල්ට තවත් නඩුවක් !

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අල් හුසේන් කුමරු මෙරටට පැමිණිමට විරෝධය පාමින් උද්ඝෝෂණයක් සංවිධානය කර පොලිස් ආඥා පනත හා මං මාවත් පනත උල්ලංඝණය කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංස මහතා ඇතුළු 6 දෙනෙකුට එරෙහිව කුරුදුවත්ත පොලිසිය අද (16) නඩු පවරනු ලැබීය.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ චුදිතයින්ට එරෙහිව චෝදනා දෙකක් යටතේ මෙම නඩු පවරනු ලැබු අතර චෝදනා කියවා දීමෙන් පසු තමන් නිවැරදිකරුවන් බවට ඔවුන් සඳහන් කළේය.

ඒ අනුව මෙලෙස නඩු පවරනු ලැබුවේ  ජාතික නිදහස් පෙරමුණේ නායකයින් වු විමල් වීරවංස, ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක,මොහොමඩ් මුසම්මිල් යන අයටය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න