ජවිපෙ නායකයා සුද්ද සිංහලෙන් සිරිසේන අමතයි : පක්ෂ නායක හමුවත් වර්ජනය කරයි ! 

ජවිපෙ නායකයා සුද්ද සිංහලෙන් සිරිසේන අමතයි : පක්ෂ නායක හමුවත් වර්ජනය කරයි ! 

ජනාධිපති සිරිසේන විසින් අද (18) කැඳවා තිබෙන සර්ව පාක්ෂික නායක හමුව වර්ජනය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇත.
ඒ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස තහවුරු කර සිටින අතර සර්ව පාක්ෂික නායක හමුවට අදාළ ජවිපෙ නිල ස්ථාවරය  ලිපියක් හරහා  ජනාධිපති සිරිසේනට දැනුම්දීමටද  ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක කටයුතු කර තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් ජනාධිපතිවරයට යවා ඇති ලිපියේ සඳහන් වන්නේ අදාළ සර්ව පාක්ෂික නායක හමුව කැඳවා ඇත්තේ පාර්ලිමේන්තුව තුළ මතුව ඇති වත්මන් තත්ත්වය සාකච්ඡා කිරීමට වුවත් එය හුදු ඕපපාතිකව පැනනැගුණක් නොව ජනාධිපතිවරයා විසින් ඇතිකළ දේශපාලන කුමන්ත්‍රණ ක්‍රියාදාමයේ පිළිබිඹුවක් වන බවයි.

එසේම ස්ථාවර නියෝග අනුව නියමාකාරව  දෙවරක් සම්මත කරවූ විශ්වාසභංග යෝජනාව ප්‍රතික්ෂේප කිරීම සහ එය විධිමත් නොවූ බවට බාල ගණයේ ප්‍රකාශ නිකුත් කිරීම ජනාධිපතිවරයෙකුට තරම් නොවන බවත් ඒ හමුවේ පැනනැගී සමස්ථ අරාජිකත්වයට එකම හේතුව සිරිසේන ජනාධිපති බවත් එම ලිපියේ දක්වා ඇත.

එසේම ජවිපෙ නායකයා සිය ලිපිය අවසන් කර ඇත්තේ අරාජිකත්වය අවසන් කිරීම ඇත්තේද එය ආරම්භ කල  ජනාධිපතිවරයා අතේ බවත්  ආත්ම ශක්තියක් කියා දෙයක් ඉතිරිව ඇත්නම් ඒ සිදුකරන ලෙසත් දන්වමින්ය.

තවද ප්‍රධාන කරුණු 5ක් සම්බන්ධව මෙහිදී ජවිපෙ නායකයා විසින් ජනාධිපති සිරිසේනගේ අවධානය යොමුකරවා ඇත.

ජවිපෙ මතුකරණ කරුණු 5 !
jvp 1

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපිය පහත දැක්වේ.ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපිය පහත දැක්වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න