මහින්දට එරෙහි විශ්වාසභංග තිතට හරි : මෙන්න සාක්ෂි ! 

මහින්දට එරෙහි විශ්වාසභංග තිතට හරි : මෙන්න සාක්ෂි ! 

සිරිසේන ජනාධිපතිගේ කුමන්ත්‍රණ අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු එම කුමන්ත්‍රණ ආණ්ඩුවට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙනා විශ්වාසභංගය ඉදිරිපත් කර ඇත්තේ සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථාවටත් ස්ථාවර නියෝගවලටත් එකඟව බව නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සඳහන් කරයි.

ඒ බව පාර්ලිමේන්තු  ස්ථාවර නියෝග කියවීමෙන් පැහැදිළි වන බවත් ඒ හමුවේ ජනාධිපති සිරිසේන කියන "විධිමත්" යන්න පැහැදිළි නොමැති බවද ඔවුන් පෙන්වා දෙයි.

 ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සඳහන් කරන ආකාරයට ස්ථාවර නියෝග අත්හිටුවා යම් යෝජනාවක් සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවට ඇති අයිතිය ස්ථාවර නියෝගවල සඳහන් කර ඇති බවය.

එමෙන්ම යම් යෝජනාවක් සම්බන්ධයෙන් ඡන්දය විමසීමේදී හඬ අනුව ඡන්දය විමසීමේ ප්‍රතිපාදනයද ස්ථාවර නියෝගවලම සඳහන් කර ඇති බවත් ඔවුන් සඳහන් කරයි.

 නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඒ බව තහවුරු කරමින් මෙසේ පෙන්වා දෙයි.

 “47.(1) කතානායකවරයා විසින් ප්‍රශ්නය විමසනු ලැබිය යුතු අතර, “පක්ෂයි” සහ “විරුද්ධයි” යනුවෙන් කටහඬවල් අනුව ඡන්දය ලබාගෙන කථානායකවරයා විසින් ප්‍රතිඵලය ප්‍රකාශ කරනු ලැබිය හැකිය

(2) කතානායකවරයාගේ තීරණය සමග යම් මන්ත්‍රීවරයෙකු එකඟ නොවන්නේ නම්, කථානායකවරයා විසින් නිශ්චය කරනු ලැබිය හැකි මතු සඳහන් කවර හෝ ක්‍රමයකට ඡන්ය සඳහා බෙදීමක් ඉල්ලා සිටිනු ලැබිය යුතු අතර, ඉන් අනතුරුව… ” යනුවෙනි.

ඒ අනුව මෙම විශ්වාසභංගය ස්ථාවර නියෝගවල සඳහන් පරිදිම අත්හිටුවා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ගෙන එනු ලැබූ විශ්වාසභංගයක් බව පැහැදිලිය.

m2 1

m2 2

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න