කිසිඳු හේතුවක් මත මත සිංගප්පූරු ගිවිසුම අහෝසි නොකරන බවත් එය සිංගප්පූරුවටද වාසිවන අයුරින් සකස් කරන බවත් කුමන්ත්‍රණ ආණ්ඩුවේ ජාත්‍යන්තර වෙළෙඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන බන්දුල ගුණවර්ධන සඳහන් කරයි.
මෙම ගිවිසුම සිංගප්පූරු රජය රවටා ලෝක සම්මතයට පිටින් අත්සන් කර ඇති ගිවිසුමක් බවත් කුමන්ත්‍රණ ආණ්ඩුවේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන අවධාරණය කරයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ සිංගප්පුරු ගිවිසුම අත්සන් කල ආකාරයට පමණක් තමන් විරුද්ධවූ බවය. කෙසේ වුවත් සිංගප්පුරු වෙළඳ ගිවිසුම අහෝසි කිරීම වෙනුවට එය සංශෝධනය කරන්නේ කෙසේද යන්න ඔහු සඳහන් කර නැත.
වැදගත්ම කාරණය වන්නේ මෙම ගිවිසුම සම්බන්ධව පසුගිය සමයේ මාරාන්තික විරෝධයක් දැක්වූ පාර්ශව එනම් රාජපක්ෂ හිතවාදී වෘත්තීය සමිති දැන් නිහඬව සිටීමය. එයින් පෙන්නුම් කරන්නේ එදා පැවති උද්ඝෝෂණ සියල්ල ජනතාව රැවටීමට සිදුකල දේශපාලන කොන්ත්‍රාත් පමණක්ම බවය.

