ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධව පරීක්ෂණ කටයුතු දැනටමත් මන්දගාමී පසුබිමක පවතින බවත් ඒ හමුවේ ඊට අදාළ විමර්ශන නිලධාරීන්ට ස්ථාන මාරු ලබාදීම හමුවේ එම පරීක්ෂණ අඩාල වන තත්ත්වයක් මතුව ඇති බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සඳහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මේ බව සඳහන් කරන අතර ඊට පදනම්වූ ආසන්නතම සිදුවීම වන්නේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, කීත් නොයාර් පැහැරගැනීම, උපාලි තෙන්නකෝන් ට පහරදීම, නාමල් පෙරේරා ට පහරදීම ඇතුළුව තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන අතුරුදහන් කරවීම යන අපරාධ නඩු සම්බන්ධව විමර්ශන මෙහෙයවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාට ලබාදී ඇති ස්ථාන මරුවය.
අදාළ ස්ථාන මාරුව හේතුවෙන් විමර්ශන කටයුතුවලට බාධාවීමේ පැහැදිළි ඉඩක් ඇති බවත් එබැවින් එම පරීක්ෂණ කටයුතු බාධා නොවන ලෙස පවත්වාගෙන යාම බලධාරීන්ගේ යුතුකම බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.
නිශාන්ත සිල්වාගේ ජීවිතය අවධානමේ !
මේ අතර ජනාධිපතිවරයාගේ නියෝගයක් මත මීගමුව පොලිසියට ස්ථාන මාරුවක් ලබාදී තිබෙන නිශාන්ත සිල්වා ගේ ජීවිතය අවධානමේ බවත් ඊට හේතුව ඔහු එල්ටීටීඊ චෝදනා ලබා ඇත්තෙකු බවට ස්ථාන මාරුවේ සඳහන්ව තිබීම බවත් දැනගන්නට ඇත.
ඒ අනුව ජාතිවාදී ප්‍රහාරයකට හෝ නිශාන්ත සිල්වා මහතාගේ විමර්ශන කටයුතු නිසා අත්අඩංගුවේ සිටින අපරාධකරුවන්ගේ පාර්ශවයක පහසු තර්ජනයක් වෙත ඒ මහතාගේ ජීවිතය ඇද දමා ඇති බව පොලි දෙපාර්තමේන්තුවේ බහුතරයකගේ අදහසවී තිබේ.
පොලිස් ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ආණ්ඩුවේ පටු අපේක්ෂා ඉටුකර ගැනීම වෙනුවෙන් එවැනි කීර්තිමත් නිලධාරියෙකුට අභූත චෝදනා නැගීම පිළිකුල් සහගත ක්‍රියාවක් වන අතර සමස්ථ දෙපාර්තමේන්තුවේම සිටින විනය ගරුක දක්ෂ නිලධාරීන් මේ හේතුවෙන් දැඩි කම්පනයකට පත්ව ඇත.
එසේම මෙම ස්ථාන මාරුවේ ඇති නින්දිතම හැසිරීම වන්නේ නිශාන්ත සිල්වාට එල්ටීටීඊ චෝදනා නගා ඇත්තේ මේ වන විටත් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ නියෝග ලබා එහෙත් සිරිසේන ජනාධිපතිගේ මැදිහත්වීම නිසා අත්අඩංගුවට ගැනීමට නොහැකිව සිටින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නය. ඖ දැනට තරුණයන් 11 දෙනා පැහැරගෙන අතුරුදහන් කිරීමේ නඩුවේ ප්‍රධාන චුදිතයකු ලෙස නම් කර තිබේ.


