ජනාධිපතිවරයාට සංදේශයක් ලබාදීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණි භික්ෂුන් වහන්සේලා පිරිවරාගත් පිරිසකට දැඩි කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර පළවා හැරීමට කුමන්ත්‍රණ ආණ්ඩුව කටයුතු කර ඇත.
අද (19) සිදුවූ මෙම සිදුවීම හේතුවෙන් ජනාධිපති කාර්යාලය අවට මාර්ගයද වසා දමන්නට සිදුවූ අතර පසුව පිරිස එම ස්ථානයේ සංකේතාත්මක විරෝධයක්ද දක්වා තිබෙන බවද වාර්තා වෙයි.
භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිසට කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කරවීමෙන් පසුව ජනාධිපතිවරයා එම පිරිසෙන් භික්ෂුන් කිහිපනමක් කැඳවා අදාළ ලිපිය ලබාගෙන ඇති බවත් වාර්තා වන අතර එහිදී කඳුළු ගෑස් ප්‍රහාරයක් එල කරවීමට නියෝග කළේ කවුද යන්න තමන් නොදන්නා බව ජනාධිපතිවරයා පවසා ඇති බවත් දැනගන්නට ඇත.
මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුව පවතින්නේ ජනාධිපතිවරයා යටතේ වන අතර සිරිසේන ජනාධිපති කඳුළු ගෑස් ලක්වූ භික්ෂූන් අන්දවා ඇති බවද එයින් පෙන්නුම් කරයි.

