සිරිසේනට අඳුකොළ වූ වික්‍රමසිංහ රජය යටතේ සෞභාග්‍යය වැඩිවෙලා !

සිරිසේනට අඳුකොළ වූ වික්‍රමසිංහ රජය යටතේ සෞභාග්‍යය වැඩිවෙලා !

2016 වසර හා සන්සන්දනය කරන විට මේ වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථික, ව්‍යාපාර පරිසරය හා සමාජ ආර්ථික යටිතල පහසුකම් සැළකිය යුතු මට්ටමින් වැඩිදියුණු වී ඇති බව වාර්තා වනවා.  ශ්‍රී ලංකාවේ සෞභෘග්‍යය මැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මගින් සම්පාදනය කරන ලද ශ්‍රී ලංකා සමෘද්ධි දර්ශකය අනුව මෙම තොරතුරු වාර්තා වී ඇත.

එම දර්ශකය ආර්ථීකය, ව්‍යාපාර පරිසරය හා සමාජ ආර්ථික යටිතල පහසුකම් යන අංශ තුන ඔස්සේයි මෙම තොරතුරු අනාවරණය කර ඇත.

ඒ අනුව යමින් ශ්‍රී ලංකා සමෘද්ධි දර්ශකය පෙන්වා දෙන්නේ 2016 වසරේ 0.661 ක් වූ එම අගය  2017වසරේදී  0.771ක අගයකින් වැඩි වී ඇති  බවයි.   ආර්ථීක හා ව්‍යාපාර පරිසර උප දර්ශකයන්ගේ වැඩි වීම ද මීට හේතුව වී තිබෙනවා. මෙම ආර්ථීක හා ව්‍යාපාර පරිසර උප දර්ශකයන්ගේ වැඩි වීම සඳහා ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ දේශිය නිෂ්පාදිතයේ වැඩි වීම හා රැකියා නියුක්තිකයන්ගේ වැඩි වීම යන කාරණා බලපා ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.

සමාජ ආර්ථික යටිතල පහසුකම් සම්බන්ධයෙන් දත්ත ලබා ගැනීමේදී අධීවේගී මාර්ග දිගු කිරීම ඇතුළු මාර්ග පද්ධතියේ වැඩිදියුණු කිරීම්, පාලම් සහ ගුවන් පාලම් ඉදි කිරීමේ කටයුතු, විදුලි පහසුකම් සැපයීම සහ ජල නළ පද්ධති වැඩි දියුණු කිරීම යන අංශ මෙහිදී බලපා තිබේ.

එසේම “මහජනයාගේ යහපැවැත්ම“ සම්බන්ධ උප දර්ශකය 2017 වසරේදී පාරිසරික හා වායුගෝලීය ගුණාත්මක භාවය සෞඛ්‍ය පහසුකම්, ගුණාත්මක අධ්‍යාපනය, මිනිසුන් විසින් විනෝදාත්මක කාර්යයන් සඳහා දක්වන්නා වූ දායකත්වය යනාදියේ පහත වැටීමක් සිදු වී ඇතැයි යන්න ප්‍රතික්ෂේප කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න