මහින්දගේ සල්ලි කපයි : කුමන්ත්‍රණ ආණ්ඩුවට බහුතරය නෑ - අදත් තහවුරුයි !

මහින්දගේ සල්ලි කපයි : කුමන්ත්‍රණ ආණ්ඩුවට බහුතරය නෑ - අදත් තහවුරුයි !

කුමන්ත්‍රණ  ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ වැය ශීර්ෂය කපාහැරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට අද (19) බාර දුන් බව එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසයි.

මෙම යෝජනාව පිළිබඳ විවාදය ලබන 29 වැනි දා පැවැත්වෙන බවත් එහිදී  එය සම්මත කර පාර්ලිමේන්තුවේ බහුතර බලය නැවත තහවුරු කරන බවද  හෙතෙම සඳහන් කළේය.
ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ දී අද පාර්ලිමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මහින්දට බහුතරය නැති බව අදත් තහවුරුයි !

මේ අතර අද පාර්ලිමේන්තුවේ පක්ෂ නායක හමුවේදීද කුමන්ත්‍රණ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරයක් ඇත්නම් ඒ බව ඔප්පු කිරීමට අවස්ථාව ලබාදී ඇතත් කුමන්ත්‍රණයට අනුව එම අවස්ථාව මඟී හරින්නට එම පාර්ශවය කටයුතු කර ඇත.

ඒ පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක හමුව අවස්ථාවේ ඉදිරිපත් වූ යෝජනාවක් අනුවය. එහිදී එක්සත් ජාතික පෙරමුණ යෝජනා කර ඇත්තේ කුමන්ත්‍රණ අගමැති මහින්දට එරෙහිව සම්මත කල විශ්වාසභංග යෝජනාවට එරෙහිව යෝජනාවක් සම්මත කරගෙන පාර්ලිමේන්තු බහුතරය තහවුරු කරගන්නා ලෙසය.

නමුත් කුමන්ත්‍රණ ආණ්ඩුව එය ප්‍රතික්ෂේප කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න