සිරිසේන ජනාධිපතිගේ අනාගතය ඔහුගේ හැසිරීම මත තීරණය වෙයි - නාමල් රාජපක්ෂ

සිරිසේන ජනාධිපතිගේ අනාගතය ඔහුගේ හැසිරීම මත තීරණය වෙයි - නාමල් රාජපක්ෂ
ජනාධිපති සිරිසේනට 2019 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය දෙනවාද නැද්ද යන්න සම්බන්ධව තීරණයක් ගෙන නොමැති බවත් ඒ සම්බන්ධව තීරණය වන්නේ ජනාධිපතිවරයාගේ හැසිරීම මත බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.
 
අද (19) පාර්ලිමේන්තුවේදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව සඳහන් කල අතර තමන් පසුගිය  අප්‍රේල් මාසයේදී ජනාධිපති සිරිසේන කිසිඳු විශ්වාසයක් තැබිය නොහැකි අයෙකු බවට ට්වීටර් සටහනක් තැබුවේ ඒ අවස්ථාවේ ඔහුගේ හැසිරීම සැළකිල්ලට ගෙන බවත් මේ වන විට තම පාර්ශවය සමඟ ජනාධිපතිවරයා හොඳින් කටයුතු කරන බැවින් එම විවේචනය අද වලංගු වෙන්නේ නැති බවද මන්ත්‍රීවරයා පැවසීය.
 
යහපාලන ආණ්ඩුව තමන්ව හිරේ දැමු බවත් තමන්ට හොඳින් මතක බවත් ඒ වෙනුවෙන් කටයුතු කළේ කවුද බව දැනට නොදන්නා නමුත්  ජනාධිපතිවරයා ගෙන ඇති තීන්දුව වෙනස් නොකර සිටීම මේ මොහොතේ වැදගත් තීරණයක් බවද ඔහු අවධාරණය කර සිටියි.
 
මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ දෙසැම්බර් 7 වනදා දක්වා රටේ මතුව තිබෙන අරාජිකත්වය දිගටම පවතීද යන්නය. ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු පවසා සිටියේ අරාජිකත්වය නැති කිරීමට නම් මහ මැතිවරණයක් හැර වෙනත් විකල්පයක් නොමැති බවය. 
 
තානාපතිවරුන්ගේ හැසිරීම අනුමත කරන්න බෑ !
 
මෙහිදී විදෙස් තානාපතිවරුන්ගේ හැසිරීමද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විවේචනය කල අතර ඔවුන් තම රටවල පාර්ලිමේන්තුවේ සිදුවන ගුටි බැට  හුවමාරු නොදැක මේ රටේ දේවල් විවේචනය කිරීම වරදක් බවද ඔහු පැවසීය.
 
මේ අතර අද පාර්ලිමේන්තුවේ කටයුතු රාජතාන්ත්‍රික නිලධාරීන්ට මෙන්ම මහජනතාවට විවෘත කර නැති අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හැර එය විවෘතව ඇත්තේ මාධ්‍යවේදීන්ට පමණය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න