රාජපක්ෂට එරෙහිව සම්මත කල විශ්වාසභංගයේ හැන්සාඩ් වාර්තාව මෙන්න !

රාජපක්ෂට එරෙහිව සම්මත කල විශ්වාසභංගයේ  හැන්සාඩ් වාර්තාව මෙන්න !

මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කුමන්ත්‍රණ ආණ්ඩුවට එරෙහි විශ්වාස භංග යෝජනාව සම්මත වූ බවට සඳහන් කතානායකවරයාගේ තීරණය පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගත කර තිබේ.

නොවැම්බර් 14 වැනි දා පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවේ අගමැති ලෙස  මහින්ද රාජපක්ෂ  නම සඳහන්  අතර ඔහු ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය කැබිනට් මණ්ඩලය ලෙස සඳහන් කර ඇත.
 
එදින එම් ඒ සුමන්තිරන්   මන්ත්‍රීවරයාගේ ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාවෙන් පසු විශ්වාස භංග යෝජනාව ගෙනැවිත් ඇති අතර අවසානයේ එම විශ්වාස භංගය සම්මත වූ බව කතානායක තීරණය කර තිබේ.
 
විශ්වාස භංගය සඳහා නමින් ඡන්දයක් පැවැත්වීමට කතානායකවරයා උත්සාහ දරා ඇති ආකාරය හා ඊට මන්ත්‍රීවරුන් එකඟ නොවූ ආකාරය ගැන ද හැන්සාඩ් වාර්තාවේ දැක්වේ.
 
ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් නොමැති බවට වූ යෝජනාව සම්මත වී ඇති හෙයින් සහ මේ වන විට අමාත්‍ය මණ්ඩලයක් පත් කර නොමැති හෙයින් කිසිම මන්ත්‍රීවරයකු අගමැතිවරයා ලෙස හෝ ඇමැතිවරයකු ලෙස පිළිනොගන්නා බවට කතානායකවරයා කළ නිවේදනය  ඊට පසු දින එනම් නොවැම්බර් 15 වැනි දා හැන්සාඩ් වාර්තාවේ සඳහන්වේ.
 
නොවැම්බර් මස 16 වැනි දා සිකුරාදා හැන්සාඩ් වාර්තාවේ අවසානයට සඳහන් කර ඇත්තේ එදින ගෙන එන ලද විශ්වාස භංග යෝජනාව ද සම්මත වූ බව කතානායක නිවේදනය කළ බවයි.
 
මේ වන විට ප්‍රසිද්ධියට පත් කර ඇති හැන්සාඩ් වාර්තාව අසංශෝධිත පිටපත වන අතර තමන්ගේ නිවැරදි කළ යුතු තැන් දැක්වීමට කැමති මන්ත්‍රීවරුන්ට එම නිවැරදි කිරීම ලකුණු කිරීම සඳහා සාමාන්‍ය ක්‍රමවේදය අනුව සති දෙකක් ලබා දී තිබේ.
 
1
 
2

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න