නාමල් ජාත්‍යන්තරය ජය ගනියි !

නාමල් ජාත්‍යන්තරය ජය ගනියි !

දෙමළ ජාතික සන්ධානය ජනතා විමුක්ති පෙරමුණ හා සුළු පක්ෂ නියෝජිතයන් අද(21) පෙරවරුවේ විදෙස් තානාපතිවරුන් හමුව ඇති අතර එහිදී  වසර තුනක් තිස්සේ පවත්වාගෙන ආ යහපාලන රජය ස්ථාපිත කළ යහපාලන ක්‍රියාදාමය ඉදිරියේදී අනතුරට ලක් වීමේ අවදානමක් මතු වී ඇති බවට සාකච්ඡාවී ඇති බව වාර්තා වෙයි. 

එසේම  ජාතින් අතර මෙතෙක් ගොඩ නැගෙමින් ආ සංහිඳියාව සම්බන්ධයෙන් කරුණු 2ක් සම්බන්ධව සාකච්ඡාවේදී මූලික අවධානය යොමුව ඇති බවත් වාර්තා වෙයි. ඒ, 

1. රටේ නීතිය හා සාමය බිඳ වැටීම හේතුවෙන් තනි තනි පුද්ගලයන් දේශපාලන අතකොළු බවට පත් වෙමින් සුළු ජාතික ප්‍රජාවට හානි සිදු කළ හැකි බව.

2. මහින්ද රාජපක්ෂගේ සුළු ජන විරෝධි ඉතිහාසය නිසා බහුතරයක් නොමැති පාර්ලිමේන්තුවක සිදු කරන බලහත්කාරි පාලනය හා දේශපාලන ආයතන කඩා වැටීමේ අවදානම, සම්බන්ධවය.

මේ සම්බන්ධයෙන් බටහිර රටවල් ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවේ අවධානය යොමු වී ඇති අතර එයට හේතුව මහින්ද රාජපක්ෂගේ කාලයේ සිදු වූ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වීම් හා විවිධ ඝාතන සම්බන්ධයෙන් වූ කරුණු තවමත් නොවිසඳුනු අභිරහස් ලෙස පැවතීමයි. විශේෂයෙන්ම ඒ පිළිබඳව විමර්ශන සිදු කළ නිළධාරින් මාරු කර යැවීමට උත්සුක වන පසුබිමක මේ අවදානම කෙරෙහි ජාත්‍යන්තර ප්‍රජාව දැඩි විමසිල්ලෙන් පසු වන බව එහිදී ප්‍රකාශ කෙරිණ.

මෙම හමුව පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබු අතර එහිදි ඔහු සඳහන් කර තිබුණේ “ රට තුළ විසඳා ගත යුතු ගැටලු ජාත්‍යන්තරය හමුවේ ප්‍රකාශ කරමින් විදෙස් තානාපතිවරුන් පසුපස යාමට වඩා  ජනතාවට අවශ්‍ය මැතිවරණයක් සඳහා යොමු වීම වඩාත් වැදගත් බවයි.  
 කැනෙඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැක්කිනන් මහතා මෙම ට්විටර් පණිවුඩයට පිළිතුරු පණිවුඩයක් ලබා දෙමින් කියා සිටියේ  “ ඔබ ඔබේ පොහොට්ටුවේ සාමාජිකයන් හමු වී ඔවුන් රහසිගතව හමු වන්නේ කුමන අයවද යන්න සොයා බැලිම වඩාත් සුදුසු වන" බවයි.    

ඒ අනුව පෙනී යන්නේ කුමන්ත්‍රණ ආණ්ඩුවේ පාර්ශවයන් සම්බන්ධව ජාත්‍යන්තරයේ කිසිඳු පිළිගැනීමක් නොමැති බවය. 

අදාළ ට්වීටර්  සටහන් පහත දැක්වේ.

46712873 1823941704385176 5301169887392038912 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න